Xiaomi සමාගමේ නවතම flagship phone එක වෙන Xiaomi Mi 11 හි Ultra version එක ඊයේ දිනයේදී හඳුන්වාදීමට Xiaomi සමාගම කටයුතු කරනු ලැබුවා.

මේ සමඟම Flagship දුරකථන තරගයට තවත් සාමාජිකයෙක් එකතු වූ අතර මෙම දුරකථනයේ විශේෂත්වය වූයේ වෙනත් කිසිදු mainstream flagship දුරකථනයක නොමැති secondary display එකක් දුරකථනය පිටුපසට එකතු කර තිබීමයි.

එපමණකින් නොනැවතී මෙම සුපිරි flagship device එක DxoMark camera ranking වල පළමු ස්ථානයට පත්ව තිබෙන් අතර එහිදී Mi 11 Ultra ජංගම දුරකථනය වෙත සමස්ත ලකුණු 143 ක් ලැබී තිබුණා.

Rankings - DXOMARK

ඒ අනුව ලකුණු 139 ක් ලබාගෙන මෙම ranking ලැයිස්තුවේ හොඳම mobile කැමරාව ලෙස විරුදාවලිය ලත් Huawei Mate 40 Pro+ ජංගම දුරකථනය දෙවන තැනට පත් වූ අතර, ලකුණු 136 ක් ලැබුණු Huawei Mate 40 Pro device එක තුන්වෙනි තැනට පත් වුණා.

Samsung සමාගම විසින් වැඩිදියුණු කරන ලද 50MP, ISOCELL GN2 Dual Pixel Pro කැමරා sensor එක සහිත Wide angle lens එකක් Mi 11 Ultra ජංගම දුරකථනයේ ප්‍රධාන කැමරාව ලෙස භාවිතා වෙන අතර, ඊට අමතරව 48mp periscope lens එකකින් හා 48mp Ultra wide lens එකකින් ද මෙම ජංගම දුරකථනයේ camera module එක සමන්විත වෙනවා.

මෙම කැමරා පද්ධතිය 5x දක්වා Optical zoom හැකියාව හා 10x දක්වා hybrid zoom හැකියාව ද ලබාදෙන අතර, මෙහි Wide angle lens එක හරහා 128° ක් දක්වා වූ පරාසයක් capture කර ගැනීමට සමත් වෙනවා.

එමෙන්ම Samsung Galaxy S21, OnePlus 9 Pro ජංගම දුරකථන වල මෙන්ම මෙම කැමරා පද්ධතියට ද 8k video recording හැකියාව තිබෙන අතර, Macro photos capture කිරීමෙ පහසුකම ද ඇතුළත් වෙනවා.

ඒ අනුව පෙනෙන ආකාරයට මේ device එක සමඟින් Camera අංශයෙන් 2021 වසරට නිකුත් වු සියලුම flagship devices අභිබවා යෑමට Xiaomi සමාගම සමත් වී තිබෙනවා.

කොහොම නමුත් මෑතක නිකුක් වූ OnePlus 9 Pro ජංගම දුරකථනය සඳහා DxoMark Camera testing එක සිදු නොකිරීමට OnePlus සමාගම තීරණය කර තිබූ නිසා, එහි දත්ත මෙම Ranking එක සඳහා සළකා නැති බවත් මෙහිදී සදහන් කළ යුතු වෙනවා.

අඟල් 6.81 ක AMOLED තිරයක් හා Snapdragon 888 5nm 5G chipset එකකින් බලගැන්වෙන මෙම සුපිරි flagship device එක එළබෙන අප්‍රේල් 2 වන දින සිට €1,200 ක පමණ මිලකට අලෙවි කිරීමට Xiaomi සමාගම තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ DXOMARK වෙබ් අඩවිය භාවිතා කළ හැක.