Xiaomi සමාගමේ Mi Smart Band series එක ලොව පුරා ඉතාමත් ජනප්‍රිය smart band මාලාවක් බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.
පසුගිය වසරේ ජූලි මාසයේදී Xiaomi සමාගම ඔවුන්ගේ Mi Band 5 මාදිලිය එළිදැක්වීමට කටයුතු කළ අතර, එය නිකුත් කළ දිනයේදීම සියළුම units අලෙවි වී අවසන් වූ බව වාර්තා වූවා ඔබට මතක ඇති.

ඔන්න දැන් මෙහි මීළඟ සංස්කරණය වන Mi Smart Band 6 මාලිදිය මීළඟ 29 වැනි දින එළිදැක්වීමට Xiaomi සමාගම සූදානමින් සිටින අතර, මේ event එක අතරතුරදීම ඔවුන්ගේ Mi Mix සහ Mi 11 ජංගම දුරකථන series එක ද එළිදැක්වීමට ඔවුන් සූදානමින් සිටිනවා.
Are you ready for the brand new #MiSmartBand6?
— Xiaomi (@Xiaomi) March 26, 2021
It’s time to start making your new exercise plans!
Don't miss the Xiaomi 2021 New Product Launch at 19:30 (GMT+8) on March 29.
Stay #OneStepAhead and discover all during the #XiaomiMegaLaunch pic.twitter.com/xB7mceUT3a
මේ පිළිබඳව වැඩි විස්තර Xiaomi සමාගම විසින් නිළ වශයෙන් සනාථ කර නොතිබුණත්, අන්තර්ජාලයට එකතු වී ඇති තොරතුරු අනුව GPS, SpO2 sensor එකක් මෙන්ම අලුත් excercise modes 19ක් ද මෙම මාදිලියෙහි අන්තර්ගත වන බව වාර්තා වෙනවා.

ඊට අමතරව Mi Home platform එක හරහා සම්බන්ධ කර ඇති smart home devices පාලනය කිරීමේ හැකියාව ද මෙයට ඇතුලත් වනු ඇති බව අනුමාන කෙරෙනවා.

මූලිකව මෙය චීනය සඳහා පමණක් සීමා කර නිකුත් කරනු ඇති අතර, සුපුරුදු පරිදි ඉන් මාස කිහිපයකට පසුව global launch එකක් සිදු කිරීමට Xiaomi සමාගම කටයුතු කරනු ඇත.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Weibo වෙබ් අඩවිය භාවිතා කළ හැක.