Xiaomi Mi Mix 3 ජංගම දුරකථනය 10GB RAM එකක් සහ 5G තාක්ෂණය සමඟ වෙළඳපොලට පැමිණීමට නියමිත බව අපි පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, Xiaomi සමාගම ඔවුන්ගේ මේ Mi Mix 3 ජංගම දුරකථනයෙහි 5G තාක්ෂණය සහිත මාදිලියක් චීනයේ පැවති conference එකකදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙන අතර එය Qualcomm Snapdragon 855 chipset එකකින් සමන්විත වෙනවා.

මීට අමතරව මෙහි X50 5G modem එකක් අන්තර්ගත වන අතර 2Gbps දක්වා වූ download speed එකක් ලබා ගැනීමට මෙම ජංගම දුරකථනයට හැකියාව තිබෙනවා.

Xiaomi සමාගම මේ 5G තාක්ෂණය සමඟින් අත්හදාබැලීම් සිදු කිරීමට 2016 වර්ෂයේදී පමණ ආරම්භ කර ඇති අතර මේ සඳහා චීනයේ විශාලතම ‍සේවා සපයන්නෙකු වන China Mobile ආයතනයේ සහාය ද ලබාගෙන තිබෙන බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

එමෙන්ම, Mi Mix 3 ජංගම දුරකථනයේ මේ අලුත් මාදිලිය ලබන වසරේ මුල් කාර්තුවේදී යුරෝපයේ අලෙවි කරනු ඇති බවට වාර්ථා වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Xiaomi Blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.