පසුගිය දෙසැම්බර් 5 වැනිදා PUBG අලුත්ම 0.10.0 සංස්කරණය ගැන ඔබව දැනුවත් කළා මතක ඇති. ඉතින් මේ PUBG වෙත නත්තල් සමය වෙනුවෙන් හදුන්වාදෙන අලුත් ම Map එක Vikendi Snow map එක ගැන තමයි මේ ආරංචිය.

මේ අලුත්ම Map එක 6x6 Km ප්‍රමාණයකින් යුක්ත වන අතර මෙහිදී Players හට Match එක ආරම්භයට පෙර හිම බෝල සමග විනෝද වෙන්න අවස්ථාවකුත් ලබාදීල තියෙනවා. Tencent සමාගම ප්‍රකාශ කරන ආකාරයට මේ Map එක Erangel සහ Miramar යන Map වලට වඩා ඉක්මන් වගේම Sanhok එකට වඩා උපාය පිළිබද අත්දැකීමක් ඔබට ලබා දෙනු ඇති බවත් ඔවුන් විශ්වාස කරනවා.

ඒ වග‍ේම Tencent සමාගම මේ Map එකේ realistic ගතිය වැඩි කරන්න සාමාන්‍ය vehicles හිම මත වේගයෙන් ධාවනය කිරීමේදී ලිස්සායන ආකාරයට පවා සකස්කරන්න පෙළබිලා තියෙනවා වගේම හිම මත ධාවනය කල හැකි ආසන දෙකකින් යුතු SNOWMOBILE නමින් නව වාහනයක්ද මෙම Map එකට එකතු කරන්න ඔවුන් කටයුතු කර තිබෙනවා.

ඒ වග‍ේම මේ Map එකෙහි පවතින තවත් සුවිශේෂි අංගයක් ලෙස අන් අයගේ අඩි සටහන් හිම මත සටහන් වීම පෙන්වා දෙන්න පුලුවන්. මෙම අඩි සටහන් යම් කිසි කාලයක් දක්වා වලංගු අතර පරීක්ෂාකාරී පුද්ගලයන්ට මේ හරහා සතුරා පිළබඳව අවබෝධයක් ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

මීට අමතරව Lobby එකට ද snowing effect වගේම background music එකක් ද එකතු කරන්නට මොවුන් කටයුතු කර තිබෙනවා.

ඒ වගේම නව Season 2 Beta Survival Title System එක ද මේ සමඟින් ඔබට බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මීට අමතරව අලුත් Security Update කිහිපයක් ද එකතු කරන්නට Tencent සමාගම කටයුතු කර ඇති බව දැනගන්නට ලැබෙන අතර මේ අලුත්ම The Vikendi Snow map එක අද දිනයේදී ඔවුන්ගේ test server එකට ඇතුලත් කරනු ලබන අතර December 19 වැනිදා සිට PUBG play කරන සියළුදෙනා හට ම ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ PUBG වෙබ් අඩවිය හා polygon වෙබ් අඩවිය භාවිතා කළ හැකි වෙනවා.