Spotify යනු ලොවපුරා බෙහෙවින් ජනප්‍රිය streaming service එකක් වන ඔවුන් සිය පරිශීලකයන් හට නිතරම පාහේ නව විශේෂාංග ගෙන හඳුන්වාදීමට කටයුතු කරනු ලබනවා.

පසුගිය කාලය පුරාවට Spotify ආයතනය විසින්  ‘Hey Spotify’ voice command එක හඳුන්වාදීමට සූදානමින් සිටින බවට වාර්තා පළ වූ අතර, මේ වනවිට iOS සහ Android device භාවිතා කරන Spotify පරිශීලකයන් හට එම විශේෂාංගය හඳුන්වාදීමට Spotify ආයතනය කටයුතු කරමින් සිටිනවා.

මෙම විශේෂාංගය ඔබට ලැබුණ විට Spotify app එක හරහා notification එකක් ලැබෙන අතර එමගින් ඔබට “Hey Spotify” විශේෂාංගය turn on කිරීමට හැකියාව ලැබෙනවා.

ඉන්පසුව, Spotify app එක open වී පවතින විටදී "Hey Spotify" voice command එක පැවසීමෙන් පසුව Spotify හරහා ගීතයක් skip, pause හෝ play කිරීමට මෙන්ම, ඔබට අවශ්‍ය playlist එකක් හෝ radio station එකක් play කිරීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම “Play something I like” command එක මඟින් ඔබගේ Daily Mix playlists මගින් ලබාගන්නා random ගීත තෝරාගෙන play කිරීමේ හැකියාවද මෙම පහසුකමත් සමඟ හිමි වෙනවා.

මෙම voice data භාවිතය සඳහා Spotify හි privacy policy එකෙහි සඳහන් වන්නේ Spotify සතුව ඇත්තේ voice button එක හෝ wake phrase එක මගින් ඔබ සිදුකරන search වල recordings සහ transcriptions පමණක් බවයි.

කෙසේ වෙතත්, iOS පරිශීලකයන් හට “Hey Siri” command එක මගින් සහ Android පරිශීලකයන් හට "Hey Google" command එක මගින් ඔවුන්ගේ voice assistant ලා හරහාද මෙම ආකාරයටම අවශ්‍ය ගීත සහ podcast play කිරීමට සහ playback control කිරීමට හැකියාව තිබෙන නමුත්, “Hey Spotify” voice command එක හඳුන්වාදීමත් සමඟ "Car things"වැනි device සමඟින්, නුදුරු අනාගතයේ දී Spotify ආයතනය තමන්ගේම hardware launch කිරීමට සුදානම් වන බව ද අනුමාන කළ හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.