වසර කිහිපයක් තිස්සේ අසන්නට ලැබුණු පරිදි තමන්ගේම Chipset එකක් නිර්මාණය කිරීමේ Google සමාගමේ ව්‍යාපෘතිය මේ වන විට යථාර්ථයක් බවට පත් පත්වෙමින් තිබෙන බව නවතම පුවත් මුලාශ්‍රයන් විසින් පෙන්වා දෙනවා.

ඒ අනුව Whitechapel (GS101) ලෙස නම් කරන ලද Google සමාගමේ පළමු Chipset එක මඟින් ඔවුන්ගේ Pixel Smartphone series එකේ මීළඟ version එක වෙන Google Pixel 6 ජංගම දුරකථනය බල ගැන්වීමට නියමිත බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

Google සමාගම හා Samsung සමාගම එක්ව මෙම Chipset එක නිර්මාණය කරන අතර එය, Samsung Exynos 1080 chipset එක නිර්මාණය කරන ලද 5nm architecture එක මතම නිර්මාණය කෙරෙනු ඇති වුවත්, එය කිසිසේත්ම තවත් එක් Exnoys 1080 chip එකක් නොවී, සම්පූර්ණයෙන්ම අලුත් Chipset එකක් ලෙස නිර්මාණය කෙරෙනවා.

මෙම Chipset එක භාවිතා කර නිෂ්පාදනය කරනු ලබන Pixel ජංගම දුරකථන 2021 වර්ෂයේ සිට එළිදැක්වීමට නිකුත් කරනු ඇති බවත්, ඉදිරියේදී නිකුත් වීමට නියමිත Google Chromebook සඳහා ද භාවිතා කරනු ඇති බවත් 9to5google වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ දක්වා නිකුත් කර ඇති සියළුම Pixel ජංගම දුරකථන වලට Qualcomm Snapdragon chipset භාවිතා කිරීමට Google සමාගම කටයුතු කර ඇති අතර, Qualcomm සමාගම ඔවුන්ගේ chipset සඳහා driver updates ඇතුළු firmware updates ලබා දෙන්නේ වසර තුනක කාලයක් දක්වා පමණි.

මේ හේතුව නිසාවෙන් Apple සමාගම වසර 5ක් පමණ දක්වා software updates ලබාදෙන අතරතුර, බොහෝමයක් Android ජංගම දුරකතන නිෂ්පාදකයින් හට මෙන්ම Google සමාගමට ද ඔවුන්ගේ devices සඳහා software updates ලබාදීමට හැකියාව ලැබෙන්නේ වසර තුනක කාලයක් දක්වා පමණි.

Google සමාගම සිය උපාංග සඳහා ඔවුන්ටම ආවේණික Chipset එකක් භාවිතා කරන්නට සූදානම් වීම තුළින් ඔවුන්ට සිය devices සඳහා software updates ලබාදීම සඳහා Qualcomm සමාගමෙහි සහය ලබාගැනීමට අවශ්‍ය නොවනු ඇති අතර ඒ අනුව ඉදිරියේදී නිකුත් වීමට නියමිත Google උපාංග වඩාත් smooth හා fast software සහ hardware experience එකක් පරිශීලකයන්ට ලබා දෙනු ඇති.

Apple සමාගමද සිදු කරනු ලබන්නේ මේ හා සමානම දෙයක් වන අතර, Apple උපාංග වලට ඔවුන් විසින්ම Chipset නිර්මාණය කරන නිසා iOS, iPadOS හා MacOS ඇතුළු සියලුම මෙහෙයුම් පද්ධති Apple උපාංග වලටම අතිශයින්ම ගැලපෙන ආකාරයට optimize කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ හරහා අඩු hardware spec එකක් හරහා ඉතාමත් හොඳ තත්ත්වයේ performance එකක් ලබාගැනීමට හැකියාව ලැබෙන අතර, Android ජංගම දුරකථන වල 12GB පමණ RAM එක ඇති devices තිබුණත් එවැනි iPhone දකින්නට නොලැබෙන්නේ මෙම හේතුව නිසාවෙනුයි.

Google සමාගම විසින් මේ පිළිබඳව තවමත් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති නමුත් මේ සමඟින් Google සමාගමද ඉදිරියේදී Apple සමාගම හා සමානම මාවතක ගමන් කිරීමට නියමිත බව අනුමාන කලහැකියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය සහ 9to5googleවෙබ් අඩවිය භාවිතා කළ හැක.