මේ වන විට Dark Mode පහසුකම උන්මාදයක් වගේ අපි නිතරම භාවිතා කරන හැම App එකකටම වගේ එකතු කරන්නට මෘදුකාංග නිෂ්පාදකයින් යුහුසුලුව කටයුතු කරන බවක් දැකගන්න පුළුවන්.

Facebook Messenger, Viber වගේම ඔන්න දැන් Microsoft සමාගමත් ඔවුන්ගේ Mail App එකට Dark Mode පහසුකම ලබා දීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

ඉතින් මේ Windows 10 සමඟින් එන Mail app එකේ dark mode පහසුකම අද සිට භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. මීට පෙර මෙහි අන්තර්ගත වූ light color background එක හා Dark mode එක අතර පහසුවෙන් මාරු වීමට හැකියාව මේ Update එක හරහා ලබා දී තිබෙනවා. එමෙන් මෙලෙස Dark mode එක enable කළ විට සමහර Email අපහැදිලි වන අවස්ථාද දැකගන්න පුලුවන්බව වාර්තා වනව‍ා.

එමෙන්ම මේ dark mode එක Microsoft Outlook වලට පසුගිය July මාසයේදී හදුන්වා දුන් Dark mode එකත් සමග සංසන්දනය කිරීමේදී සමානකමක් දැකගන්න පුලුවන්.

ඉතින් මේ අලුත්ම Dark mode feature එක අත්හදා බලන්න කැමතිනම් Microsoft Store එකෙන් ඔයාගේ Microsoft App එක Update කර ගෙන මේ පහසුකම අත්විදින්න ‍මේ වන විට අවස්ථාව තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට The verge වෙබ් අඩවිය හා Softpedia වෙබ් අඩවිය භාවිතා කරන්න පුලුවන්.