Facebook Messenger කියන්නේ අපි බොහෝ දෙනෙක් එදිනෙදා නිතරම වගේ භාවිතා කරන Apps වලින් එකක් බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.

කොහොම නමුත් Facebook සමාගමට කොයි තරම් පහසුකම් තිබුණත්, ඔවුන්ගේ මේ Messenger App එක වෙත Dark mode එක නිළ වශයෙන් ලබා දීමට ඔවුන් ‍බොහෝ කාලයක් දැනටමත් ලබාගෙන ඇති අතර තවමත් එය නිළ වශයෙන් ලබා දීමට කටයුතු කර නැහැ.

ඔවුන් මේ Messenger app එකේ Dark Mode එක පසුගිය වසරේ සිට තවමත් පරීක්ෂා කරමින් සිටින අතර මේ දක්වා එය enable කරගැනීමට නිළ නොවන ක්‍රම කිහිපයක් තිබුණත්, ඒ වෙනුවෙන් තම ජංගම දුරකථනය root කිරීමට පරිශීලකයාට සිදු වුණා.

නමුත් මේ වන විට easter egg එකක් හරහා, එහෙමත් නැතිනම්  moon emoji එකක් (🌙 ) ඕනෑම කෙනෙකුට Messenger app එක හරහා යැවීම හරහා මේ අලුත් Dark Mode එක enable කරගැනීමේ හැකියාව තිබෙන බව වාර්ථා වෙනවා.

සාමාන්‍යයෙන් වෙනත් App එකකදී මේ dark mode එක enable කරගැනීමට settings වලට ගමන් කළ යුතු වුවත්, මෙහිදී 🌙 emoji එක chat message එකක් ලෙස යවා, app එක close කර නැවත පැමිණීමෙන් enable කරගැනීමේ හැකියාව ලැබෙනවා.

එමෙන්ම ඉහත සඳහන් ලෙස යවන emoji එක මත long press කිරීමෙන් මේ Dark mode option එක settings වලට එකතු වන අතර ඒ හරහා මෙම පහසුකම control කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම  සඳහා XDA-Developers වෙබ් අඩවිය හා AndroidPolice වෙබ් අඩවිය භාවිතා කළ හැක.