පසුගිය දිනක Facebook සමාගම විසින් ඔවුන්ගේ Messenger App එකේ Dark Mode පහසුකම easter egg එකක් හරහා enable කරගැනීමේ පහසුකම ලබා දුන් බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
ඔන්න දැන් Viber සමාගම ද ඔවුන්ගේ Android පරිශීලකයන් හට අලුත් update එකක් හරහා Dark Mode පහසුකම ලබා දීමට කටයුතු කර ඇති බව ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා ප්‍රකාශ කර සිටිනවා.
Walk on the dark side 🌃 Check out our new dark mode theme on Android! Save battery 🔋, protect your eyes 🙄, and keep the room dark when other people are trying to sleep.
— Viber (@Viber) March 5, 2019
Try #DarkMode Now: https://t.co/Xn0QIKbrJX pic.twitter.com/DJK22oJMNR
Viber කියන්නේ අපි නිතරම භාවිතා කරනු ලබන App වලින් එකක් නිසාවෙන් අනෙකුත් app වලට වඩා වැඩියෙන් මේ App එකේ Dark mode එක හරහා battery එක save කරගැනීමටත්, ඇස් වලට වන හානිය අවම කරගැනීමටත් හැකියාව ලැබෙනවා.

ඉතින් Google Play Store එක හරහා Viber වල අලුත්ම update එක download කරගෙන මේ Dark Mode එක අත්හදා බලන්නට මේ වන විට අවස්ථාව තිබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා AndroidPolice වෙබ් අඩවිය භාවිතා කළ හැක.