Google සමාගම විසින් Smart Compose පහසුකම ඔවුන්ගේ Web App එකට හඳුන්වා දී දිගු කාලයක් ගත වී තිබුණත්, මේ වන තුරු එය ජංගම දුරකථන වලින් Google Pixel සඳහා පමණක් සීමා කර තිබුණු බව ඔබ දන්නවා ඇති.

කොහොම නමුත් මේ වන තුරු Pixel 3 ජංගම දුරකථන වලට පමණක් සීමා කර තිබූ මේ පහසුකම සියළුම Android ජංගම දුරකථන වල Gmail App එක භාවිතා කරන්නන් හට ලබා දීමට Google සමාගම තීරණය කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ අනුව ඔබ Gmail App එකේ අලුත්ම සංස්කරණය භාවිතා කරනවා නම් සම්පූර්ණ Email පණිවිඩයම type කිරීමට වුවමනා නොවන අතර, ඔබ විසින් ආරම්භ කරනු ලබන වාක්‍යය කොටසෙහි ඉතිරිය Google Smart Compose පහසුකම විසින් සම්පූර්ණ කරනු ලබනවා.

උදාහරණයක් ලෙස "I hope" ලෙස type කළ විට "you are doing well" වැනි අදාල context එකට වඩාත්ම ගැලපෙන වාක්‍යය ඛණ්ඩයක් යෝජනා කිරීමට මෙය සමත් වෙනවා. මෙලෙස යෝජනා කළ විට දකුණු පසට Swipe කළ විට එම වාක්‍යය සම්පූර්ණ කිරීමට මෙයට හැකියාව ලැබෙනවා.

මෙය ඒ තරම් වැදගත් පහසුකමක් ලෙස නොපෙණුනත්, අපි ජංගම දුරකථනයේ සිදු කරනු ලබන දේවල් වලින් වැඩියෙන්ම අකමැති දේවල් වලින් එකක් වන type කිරීම විශාල වශයෙන් අඩු කරගැනීමට මෙම පහසුකම හරහා අවස්ථාව ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.