දීර්ඝ කාලසීමාවක පරීක්ෂණ කටයුතු වලින් පසුව Microsoft සමාගම විසින් ඔවුන්ගේ Windows 10 මෙහෙයුම් පද්ධතියේ අලුත්ම update එක සාමාන්‍යය Windows 10 පරිශීලකයන් හට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

විටින් විට අසන්නට ලැබුණු කටකතා සනාථ කරමින් මෙවර විශේෂ පහසුකම් රැසක් මේ update එකට අන්තර්ගත කරන්නට මොවුන් කටයුතු කර තිබෙනවා.

අනෙකුත් සෑම මෘදුකාංග නිෂ්පාදකයෙකු ම Dark mode එක ගැන උනන්දුවක් දක්වන අතරතුර Windows 10 වල Dark theme එකට අමතරව Light theme එකක් ද හඳුන්වා දීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.‍

මේ අලුත් light theme එක Windows 10 Home පරිශීලකයන්ගේ default theme එක ලෙස ස්ථාපනය කිරීමට ද මොවුන් කටයුතු කර තිබෙනවා.

Windows Sandbox පහසුකම Windows 10 වලට එකතු වන බව විස්තරාත්මක ලිපියකින් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

ඔන්න දැන් මේ පහසුකම සාමාන්‍යය Windows 10 භාවිතා කරන්නන් හට භාවිතා කිරීමේ හැකියාව මේ අලුත් update එකත් සමඟින් ලැබෙන අතර, මේ හරහා අපි නොදන්නා file එකක virtual environment එකක ආරක්ෂිතව run කර බැලීමේ සිට virtual machine එකකින් සිදු කරන කටයුතු දක්වා දේ සිදු කිරීමේ හැකියාව ලැබෙනවා.

මීට අමතරව Windows 10 වල install කර තිබෙන default app බොහෝමයක් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැති වුණත්, ඒවා ඉවත් කිරීමේ හැකියාවක් නොමැති නිසාවෙන් මේ වන තුරු එම apps වලට කිසිවක් සිදු කළ නොහැකි වුවත්, මේ අලුත් update එකත් සමඟින් ඒ හැකියාව ඔබට ලැබෙනවා.

මේ අනුව Groove Music, Mail / Calendar, Movies & TV, Calculator, Paint 3D app එක, සහ 3D viewer වැනි apps ඉවත් කිරීමේ හැකියාව ලැබෙන නමුත් Microsoft Edge browser එක හෝ Camera වැනි apps ඉවත් කිරීමේ හැකියාව තවමත් ලබා දී නැහැ.


Windows 10 හඳුන්වාදීමත් සමඟම අපට අලුත් අත්දැකීමක් ගෙන දෙමින් Cortana කියන virtual assistant program එක Windows Search එකට අන්තර්ගත කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබුණ නමුත් බොහෝ දෙනෙක් මේ පහසුකම ප්‍රායෝගිකව භාවිතා නොකළ බව දැකගත හැකි වුණා.

මෙය භාවිතා නොකලත් එම පහසුකම ඉවත් කර දැමීමට මේ වන තුරු අවස්ථාවක් ලබා දී නොතිබුණු අතර දැන්, මේ Cortana සහ Search පහසුකම වෙන වෙනම සේවාවන් ද්විත්වයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අනුව voice queries Cortana හරහා handle වන අතර Search පහසුකම අලුත් interface එකක් හරහා ඉදිරිපත් කර තිබෙන අතර මේ හරහා සම්පූර්ණ device එක තුළම search කිරීමේ හැකියාව ද අන්තර්ගත කර තිබෙනවා.


මුලින්ම Windows 10 ස්ථාපනය කළ විට අපි සියළුදෙනාම මුහුණදෙන ඊළඟ ගැටළුව වන්නේ Start menu එක අපේ අවශ්‍යයතා වලට අනුකූලව සකස් කරගැනීමේ ක්‍රියාවලිය බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.

මේ කාර්යය ඉතාමත් අපහසු වන්නේ Microsoft සමාගම විසින් විවිධ ආකාරයේ apps විශාල ප්‍රමාණයක් default apps ලෙස start menu එකට ඇතුලත් කර ඇති නිසාවෙන් වන අතර ඒවා එකිනෙ ඉවත් කිරීම ඉතාමත් අපහසු කාර්යයක් වුණා.

කොහොම නමුත් මේ update එකත් සමඟින් ඔබ අලුතින් user account එකක් නිර්මාණය කළ පසු එක click එකකින් මේ default apps ටික start menu එකෙන් unpin කරගැනීමේ හැකියාව ලැබෙනවා.

Kaomoji

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට සමහර අවස්ථා වලදී, Emoji වල ම තවත් ප්‍රභේධයක් වන kaomoji faces දැක ඇති. කොහොම වුණත් මේ වන තුරු බොහෝ operating system වලට මේ kaomoji පහසුකම භාවිතා කිරීමේ හැකියාවක් ලබා දී නොමැති බව දැකගත හැකි වෙනවා.

මේ අලුත් update එකත් සමඟින් Windows 10 වලට මේ kaomoji භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

WinKey + . key එක (dot එක) එක විට press කළ විට Windows 10 වල Emoji picker එක open කරගත හැක.

Windows Mixed Reality VR පහසුකම

මීට අමතරව Photoshop, Visual Studio Code වැනි සාමාන්‍යය Windows application Windows Mixed Reality VR පහසුකම සමඟින් භාවිතා කිරීමේ හැකියාව ද මේ අලුත් update එක සමඟින් පරිශීලකයන් හට හිමි වෙනවා.

Windows Updates

මෙතෙක් කාලයක් Windows 10 පරිශීලකයන් හට තිබුණු විශාලතම ගැටළුව වන automatic update පහසුකම pause කිරීමේ හැකියාව ද ලබා දී තිබෙන අතර major versions වලට update කළ යුතු වේලාව පිළිබඳව තීරණය කිරීමට ද පරිශීලකයා හට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඇතැම් අවස්ථා වලදී අවශ්‍යය කරන disk space එක නොමැති වීම නිසා Windows update කිරීමේදී ගැටළු මතු වුණු අතර ඒ ගැටළුව මගහරවා ගැනීම සඳහා 7GB space එකක් Windows update සඳහා වෙන් කරගැනීමට ඔවුන් කටයුතු කරනු ලබනවා.

Password-less Authentication

Password භාවිතා නොකර windows වෙත පිවිසීමේ හැකියාව ලබා දීම සඳහා mobile number එක භාවිතා කරමින් Microsoft account එකක් නිර්මාණය කිරීමේ හැකියාව ලබා දී ඇති අතර, Password භාවිතා නොකර fingerprint authentication හෝ PIN එකක් පමණක් භාවිතා කිරීමේ හැකියාව ද මේ අලුත් update එක හරහා ලබා දී තිබෙනවා.

මේ Update එක ලබා ගන්නා ආකාරය

අනෙකුත් updates මෙන්ම Settings > Update & Security > Windows Update හරහා මේ update එක ඔබට ලැබෙනු ඇති නමුත් එය ලැබීමට ටික දිනක් ගත විය හැකි වෙනවා.

ඔබට මේ update එක දැන්ම ලබා ගැනීමට අවශ්‍යය නම්,

ඔයාගේ device එක Windows 10 May 2019 update එක ස්ථාපනය කිරීමට සුදුසුකම් තිබෙනවා නම් එම upgrade එක සිදු කිරීමට මේ හරහා ඔබට අවස්ථාව ලැබෙනු ඇත. මේ update එක සඳහා ආසන්න වශයෙන් 3.7GB පමණ downloadable content ප්‍රමාණයක් download කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා DigitalTrends වෙබ් අඩවිය භාවිතා කළ හැක.