වර්ථමානය වන විට බොහොමයක් apps වල Dark mode option එක දක්නට ලැබෙන අතරම බොහෝ දෙනෙක් මේ option එකට ඉතාමත් ඇළුම් කරන බව දැකගන්න පුළුවන්.

Google සමාගම විසින් ඔවුන්ගේ Android මත පදනම්ව ඇති Google Calendar සහ Google Keep යන Apps වලට මෙම Dark Mode එක ලබාදීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙන නමුත් Google Calendar සඳහා Android Nougat සහ ඊට ඉහළ මෙහෙයුම් පද්ධතීන් වලටත් Google Keep සඳහා Lollipop වලින් ඉහල මෙහෙයුම් පද්ධතීන් වලටත් පමණක් වන ලෙස මෙය නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් Apple පාරිභෝගිකයන් හට මෙම විශේෂාංගය ලබා දීම සම්බන්ධයෙන් තවමත් Google සමාගම කිසිවක් ප්‍රකාශයට පත්කර නැත.😔

  • Google Calendar සඳහා
    Settings > General > Theme
  • Google Keep සඳහා
    Settings > Enable Dark Mode
Google Calendar Image: Google

මෙම update එක ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Android Q මෙහෙයුම් පද්ධතියේ "Dark Theme" විශේෂාංගයේ කොටසක් වන අතර එහි මුල් පෙළ පියවරක් ලෙස first party apps, එනම් මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය කරනු ලැබූ apps එහි ඇති System-wide dark mode පහසුකම සඳහා සහාය දක්වන ලෙස update කරනු ලබනවා.

ඔබගේ device එක Android Q වලට update කළ පසු මෙම mode එක Android ‌මෙහෙයුම් පද්ධතියේ එන Dark Theme එක enable කළ විට ස්ව්‍යංක්‍රීයවම මේ apps වල dark mode එක ද enable වනු ඇත.

මෙම apps දෙකෙහි නවතම සංස්කරණය ලබාදීම ක්‍රමාණුකූලව සතිදෙකක කාලයක් තුල සිදුකිරීමට කටයුතු කරන බව Google සමාගම ප්‍රකාශයට පත්කර ඇති අතර, පිළිවෙලින් Google Calendar මැයි 16 (2019) දින සිටත්, Google Keep මැයි 20 (2019) දින සිටත් ලබාදීමට නියමිතය.

මේ වන විටත් Authentication, News, Messages, YouTube සහ Contacts ඇතුළු Google Apps ගණනාවකට මෙම Dark mode විශේෂාංගය ලබාදීමට Google ආයතනය කටයුතු කර ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා G Suite Blog එක භාවිතා කළ හැක.