WhatsApp හරහා ලැබෙන Photos, Videos වැනි දෑ වෙනත් app වලට share කිරීමේ පහසුකම ලබා දී තිබුණත් එම පහසුකම මේ වන තුරු WhatsApp status සඳහා ලබා දී තිබුණේ නැහැ.

කොහොම නමුත් මේ Status share කිරීමේ පහසුකම WhatsApp වලට එකතු කිරීම සඳහා අවශ්‍යය වන පරීක්ෂණ කටයුතු මේ වන විට WhatsApp beta program එක හරහා සිදු කිරීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙනවා.

ඊයේ දිනයේ සිට WhatsApp beta සංස්කරණය භාවිතා කරන්නන්ගේ status වලට පහලින් අලුතින් share option එකක් පෙන්වීමට කටයුතු කර ඇති අතර, මේ හරහා Facebook stories වලට හෝ Instagram, Gmail, Google Photos වැනි වෙනත් app එකකට අදාල status එක සෘජුවම share කිරීමේ හැකියාව ලැබෙනවා.

කොහොම වුණත් මීට පෙර අපි ඔබව දැනුවත් කර තිබූ ආකාරයේ Facebook, WhatsApp හා Instagram app එකට සම්බන්ධ කිරීමේ ක්‍රියාවලියට මෙය සම්බන්ධ නොවන අතර, Android හා iOS වල පවතින සාමාන්‍යය data-sharing API එක පමණක් භාවිතා කරන බව වාර්ථා වෙනවා.

මේ අනුව WhatsApp හා Facebook accounts එකිනෙක සම්බන්ධ වීමක් සිදු නොවන අතර සාමාන්‍යය පරිදි අදාල දත්ත apps අතර share කිරීමක් පමණක් සිදු වෙනවා.

2014 වර්ෂයේදී Facebook සමාගම විසින් WhatsApp ආයතනය මිලදීගන්නා අවස්ථාවේදී, Facebook ආයතනය සමඟ WhatsApp පරිශීලක දත්ත හුවමාරු කර නොගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසාවෙන් මේ වන විට Facebook සමඟින් වන අන්තර්ගත කිරීම් වලදී වැඩි සැළකිල්ලක් දැක්වීමට මොවුන් හට සිදු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.