Android සඳහා වන අලුත්ම Firefox Browser එකෙහි preview සංස්කරණයක් ඊයේ දිනයේදී නිකුත් කිරීමට Mozilla ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ අලුත් Firefox browser එක මීට පෙර තිබුණු සංස්කරණයට වඩා දෙගුණයක පමණ ප්‍රමාණයකින් වේගවත් වන බවත්, අලුත් පෙනුමක් එකතු කිරීමට කටයුතු කර ඇති බවත්, Firefox tracking protection වැනි තවත් පහසුකම් ගණනාවකිනුත් සමන්විත වන බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ වන විට Android සඳහා තිබෙන Web Browser සියල්ලක්ම පාහේ Google Chrome වල තිබෙන WebKit rendering engine එක පදනම් කරගත් Blink engine එක භාවිතා කරන නමුත්, Firefox web browser එක සඳහා භාවිතා කෙරෙන්නේ GeckoView යන rendering engine එකයි.

බොහෝ කාලයක සිට Firefox browser එක Android මතදී Chrome වලට වඩා කිසියම් slow බවක් දකින්නට ලැබුණු බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. මෙයට හේතුව වූයේ ‍පෙර සඳහන් කළ GeckoView engine එක WebKit තරම් optimize වී නොමැතිව තිබීමයි.

වසර කිහිපයකට පෙර Firefox Quantum සමඟින් Firefox වල භාවිතා වන core technologies වෙනස් කර එය වැඩිදියුණු කිරීමට කටයුතු කල ආකාරයට මේ වන විට ඔවුන්ගේ GeckoView engine එක ද වැඩිදියුණු කිරීමට Mozilla ආයතනය කටයුතු කරමින් පවතිනවා.

මේ අලුත් Firefox preview සංස්කරණය සමඟින් වැඩිදියුණු කළ GeckoView engine එක අන්තර්ගත කර ඇති අතර මේ හරහා Firefox Browser එකේ Speed එක දෙගුණයකින් වැඩි වන බව ඔවන් පෙන්වා දෙනවා.

අනෙකුත් සෑම Browser එකක්ම පාහේ WebKit engine එක භාවිතා කිරීම හේතු කොටගෙන Google සමාගමේ තීරණ වලට යටත් වුවත්, Firefox වලදී තමන්ට අවශ්‍යය ලෙස තම ‍පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන තමන්ට අවශ්‍යය පරිදි තම Web Browser එක ගොඩනැගීමට මේ හරහා අවස්ථාව ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Firefox Blog එක, TechCrunch වෙබ් අඩවිය හා TNW වෙබ් අඩවිය භාවිතා කළ හැක. මේ අලුත් Browser එක Google Play Store හරහා Download කරගත හැක.