මේ වන තුරු ශ්‍රී ලංකාව තුළ භාවිතා කරනු ලබන සියළුම Credit හා Debit Card සියල්ලකින්ම පාහේ රට තුළ සිදු කරනු ලබන ගණුදෙනු සඳහා ද යම්කිසි මුදල් ප්‍රමාණයක් පිට රටක සමාගමකට ගෙවීමට සිදු වෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

කොහොම නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව හා LankaClear ආයතනය විසින් අලුතින් card scheme එකක් හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර මේ හරහා එදිනෙදා සිදු කරන transaction සඳහා ගෙවන ගාස්තු අඩු කරගැනීමේ හැකියාව ලැබෙන අතරම, පිට රටට දිනපතා ගලා යන විශාල මුදල් ප්‍රමාණයක් රට තුළ ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති LankaPay network එකට සම්බන්ධිත ATM යන්ත්‍ර 4,800ක් පුරාවට මේ LankaPay කාඩ්පත් භාවිතා කළ හැකි අතර MCB බැංකුව, කාගිල්ස් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව සහ ලංකා බැංකුව යන බැංකු මගින් පහසුකම් ලබන, දිවයින පුරා වෙළඳසැල් වල ඇති Point of Sale terminal හරහා ද payment සිදු කිරීමේ හැකියාව මෙම කාඩ්පත් භාවිතා කළ හැකි වෙනවා.

මෙම කාඩ්පත් භාවිතා කරමින් සිදු කරනු ලබන අන්තර්ජාතික ගණුදෙනු Japan Credit Bureau, එහෙමත් නැතිනම් JCB International ආයතනය හරහා පාලනය කිරීම සිදු වන බව දැනගන්නට ලැබෙනවා.

මේ අනුව JCB ආයතනය යටතේ ලොව පුරා වෙනත් රටවල් වල නිකුත් කරන ලද debit හා credit card ද ශ්‍රී ලංකාව තුලදී, පෙර කී අඩු ගාස්තු යටතේ භාවිතා කිරීමේ හැකියාව මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් හට ද හිමි වන බව LankaClear ආයතනය පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ LankaClear වෙබ් අඩවිය, FT.LK වෙබ් අඩවිය හා Economy Next වෙබ් අඩවිය භාවිතා කළ හැක.