පරිශීලකයන්ගේ Photos සොරකම් කළ Beauty Camera apps 29ක් Google Play Store එකෙන් ඉවත් කරයි

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    මේ වන විට Beauty camera apps භාවිතා කිරීම, විශේෂයෙන්ම ගැහැණු ළමුන්ගේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන බව අපි හැමෝටම පෙනෙන්නට තිබෙන ප්‍රවණතාවයක්.

    කොහොම නමුත් මේ වන විට Trend Micro කියන security firm එක සොයාගෙන තිබෙන ආකාරයට Google Play Store එක හරහා මෙලෙස මිලියන ගණනක් දෙනා download කරගෙන භාවිතා කළ Beauty Camera apps අතරින්, තම පරිශීලකයන්ගේ photos සොරකම් කළ apps 29ක් හඳුනාගැනීමට සමත් වී තිබෙනවා.

    අදාල apps මේ වන විටත් Google Play Store එකෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණත්, ඉවත් කරනු ලබන අවස්ථාව වන විටත් මිලියන ගණනක downloads ප්‍රමාණයක් ඒවාට හිමිව තිබුණු බව දැනගන්නට ලැබෙනවා.

    එමෙන්ම මේ downloads අතරින් වැඩි ප්‍රමාණයක් සිදු කර තිබෙන්නේ, ආසියානු රට වලින් බවත් විශේෂයෙන්ම ඉන්දියාව මේ downloads වල ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.


    මේ app එකක් install කළ පසු බොහෝ වෙලාවට මුලු screen එකම වැසී යන පරිදි advertisements පෙන්වනු ලබන අතර ජංගම දුරකථනය lock කර තිබී නැවතත් unlock කරන සෑම අවස්ථාවකදීම pornographic content පෙන්වීමටත් (apk හොයලා දාගන්න එපා), ඇතැම් apps හරහා තම පරිශීලකයන්ව phishing website වලට යොමු කරමින් ඔවුන්ගේ username, password ඇතුළු දත්ත සොරකම් කිරීමටත් කටයුතු කර තිබෙනවා.

    මේ අතරින් බොහෝමයක් apps පළමු වර open කිරීමෙන් අනතුරුව launcher එක මතින් අදාල icon එක ඉවත් වන අතර අඩු තාක්ෂණික දැනුමකින් යුතු කෙනෙකුට මෙය ඉවත් කිරීම ද ඉතාමත් අපහසු ‍කාර්යයක් බවට මේ මගින් පත් වෙනවා.

    ඉහත සඳහන් කළ සියළු දේට අමතරව filters apply කිරීම සඳහා photo එකක් upload කළ පසු එම photo එක ඔවුන්ගේ පෞද්ගලික server එකකට copy කරගෙන පරිශීලකයා හට error message එකක් පෙන්වීමටත්, අදාල app එක update කිරීමට හා වෙනත් apps install කිරීමට පරිශීලකයා යොමු කිරීමටත් කටයුතු කර තිබෙනවා.


    Package App Name
    com.beauty.camera.years.pro Pro Camera Beauty
    com.cartoon.art.photo.ygy.camera Cartoon Art Photo
    com.lyrebirdstudio.emoji_camera Emoji Camera
    art.eff.filter.photo.editor Artistic effect Filter
    art.filter.editor.imge Art Editor
    com.beauty.camera.project.cloud Beauty Camera
    com.selfie.camerapro.pro Selfie Camera Pro
    com.camera.beauty.kwok.horizon Horizon Beauty Camera
    com.camera.ygysuper.photograph Super Camera
    com.effects.art.photo.for.self Art Effects for Photo
    com.solidblack.awesome.cartoon.art.pics.photo.editor Awesome Cartoon Art
    com.photoeditor.artfilterphoto Art Filter Photo
    com.photocorner.artfilter.arteffect.prizma Art Filter Photo Effcts
    com.picfix.cartoonphotoeffects Cartoon Effect
    com.picsartitude.arteffect Art Effect
    com.csmart.photoframelab Photo Editor
    com.wallpapers.nuclear.hd.hd3d.best.live.nuclear Wallpapers HD
    com.perfectmakeup.magicartfilter.photoeditor.selfiecamera Magic Art Filter Photo Editor
    appworld.fillartphotoeditor.technology Fill Art Photo Editor
    com.artflipphotoediting ArtFlipPhotoEditing
    com.artphoto.artfilter.artpiczone Art Filter
    com.photoeditor.cartoonphoto Cartoon Art Photo
    com.photoeditor.prismaeffects Prizma Photo Effect
    com.cmds.artphotofiltereffect Cartoon Art Photo Filter
    com.latestnewappzone.photoartfiltereditor Art Filter Photo Editor
    com.livewallpaperstudio.pixture Pixture
    app.pixelworlds.arteffect Art Effect
    timepassvideostatus.photoarteffect.cartoonpainteffect Photo Art Effect
    com.techbuzz.cartoonfilter Cartoon Photo Filter

    ඉහත වගුවෙහි සඳහන් කර ඇති apps ඔයාගේ ජංගම දුරකථනයේ තිබෙනවා නම්, අනිවාර්යයෙන්ම හැකි ඉක්මණින් එවා ඉවත් කර දමන්නට කටයුතු කළ යුතු අතර මේ apps ඇත්තටම install වී ඇත්දැයි සොයා බැලිය හැකි වන්නේ Settings -> Apps හරහා ගොස්, එහි තිබෙන ලැයිස්තුව පිරීක්සා බැලීමෙනි.

    මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය හා නිළ Trend Micro Blog අඩවිය භාවිතා කළ හැක.