Microsoft සමාගමේ මීළඟ Windows 10 Update එක October මාසයේ නිකුත් විමට නියමිත බව මේ වන විට Microsoft සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර තිබෙනවා.

දැනට Windows 10 හි නිකුත් කර තිබෙන නවතම සංස්කරණය වන්නේ Windows 10, version 1803 වන අතර මේ මාසයේදී නිකුත් කිරීමට බළාපොරොත්තු වන සංස්කරණය version 1809 වෙනවා.

අද දින පැවැත්වීමට නියමිතව ඇති Surface event එකේදී මේ අලුත් update එක නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව බොහෝ දෙනාගේ මතය වුවත් තවමත් ඒ ගැන නිළ තොරතුරක් දැනගන්නට ලැබෙන්නේ නැහැ.

Update: 03/10/2018 1:49PM
ඊයේ දිනයේ සිට, එනම් ඔක්තෝම්බර් 2 වන දා සිට මේ අලුත් update එක ලබා දීමට Microsoft සමාගම කටයුතු කර ඇති අතර, මේ update එක batch processing ක්‍රමයට ලබා දෙන නිසා සමහර භාවිතා කරන්නන් හට ලැබීමට සතියක පමණ කාලයක් ගතවිය හැකි බව Microsoft සමාගම පවසනවා.

මෙම Update එකේ පහත සදහන් පහසුකම් අඩංගු වන බව Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා.

  • File Explorer එක සඳහා dark theme එකක්
  • Devices අතර synchronize කළ හැකි clipboard එකක්
  • පරිඝනකය හරහා text messages යැවීමේ පහසුකම (Android device එකක් සම්බන්ධ කිරීමෙන් අනතුරුව)
  • සෑම app එකකටම පාහේ එකතු වන අලුත් Tabs එහෙමත් නැතිනම් "sets" bar එක
  • Screen capture කිරීම වෙනුවෙන් Snipping tool එක වෙනුවට අලුත් tool එකක්
  • Task manager එකට apps වල power usage එක නිරීක්ෂණය කළ හැකි පහසුකමක් ඇති tab එකක්
  • FPS counter එකක්, CPU, GPU සහ RAM එක පිළිබඳ විස්තර ඇතුලත් වන අලුත් Game Bar එක
  • Unicode 11 සමඟින් එන අලුත් emoji set එකක්
මේ පිලිබදව වැඩිදුර තොරතුරු දැන ගැනිමට මෙන්ම update එක නිළ වශයෙන් ලැබීමට ප්‍රථමව එය ලබා ගන්නා ආකාරය දැනගැනීමට Lifehacker වෙබ් අඩවිය බාවිතා කළ හැක.