Microsoft සමාගම ඔවුන්ගේ hardware event එක මෙම වසරේ ඔක්තෝම්බර් මස 2 වන දා New York නගරයේදී ඔවුන්ගේ වේලාවෙන් (ET) පස්වරු 4ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Apple සමාගමේ hardware event එක සැප්තැම්බර් 12 වන දින පැවැත්වීමටත්, Google සමාගමේ hardware event එක ඔක්තෝම්බර් 9 වන දා පැවැත්වීමටත් කටයුතු සූදානම් කර තිබියදී Microsoft සමාගම එම event දෙකම අතරමැදින් ඔවුන්ගේ event එක පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

Microsoft Surface Event - Oct 2, 2018 | 4:00 PM (ET)

මේ event එකේදී Microsoft සමාගම විසින් ඔවුන්ගේ Hardware, එනම් ප්‍රධාන වශයෙන්ම Surface Go, Surface Pro, Surface Laptop ඇතුළු Surface devices වලට අමතරව software සහ services ගැන ද අවධානය යොමු කරනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා.

ඔවුන්ගේ විශේෂිත නිෂ්පාදනයක් වූ Surface Studio එකේ අළුත් version එකක් පිළිබඳවත් මේ event එකෙන් බළාපොරොත්තු විය හැකි බවත් මේ වන විට මෙම event එකට අදාල invitations යැවීමට Microsoft සමාගම කටයුතු කරමින් පවතින බවත් දැනගන්නට ලැබෙනවා.