Android Pie මෙහෙයුම් පද්ධතිය Google Pixel ස්මාර්ට් ජංගම දුරකතන සදහා නිකුත් කරනු ලබුවේ මිට සති කිහිපයකට පමණ ඉහතදී වූ නමුත් බළාපොරොත්තු නොවූ ප්‍රශ්න කිහිපයකට Google සමාගමට මුහුණපාන්නට සිදු වුණා.

බොහෝමයක් 2016 දී නිකුත් කළ පළමු Pixel Smartphone වලට මේ ප්‍රශ්න ඇති වී තිබුණු අතර fast charging සඳහා ගැලපෙන charger එකක් භාවිතා කරන විට තිරය මත පෙන්වන “Charging rapidly” යන පණිවිඩය ඕනෑම වර්ගයේ charger එකක් සම්බන්ධ කළ විට පෙන්වීමට කටයුතු කරන අතර සමහර භාවිතා කරන්නන් හට කුමන වර්ගයේ charger එකක් භාවිතා කලත් "Charging slowly" යනුවෙන් පෙන්වනු ලබනවා.

මේ Pixel devices වල wireless charging වැනි අතිරේක පහසුකම් නොමැති නිසාවෙන්, තිබෙන පහසුකම් නිසි ලෙස වැඩ කිරීම ඉතාමත් වැදගත් වන අතර මුලින්ම මෙහි ප්‍රශ්නයක් ඇති බවට පිළිගැනීමට පවා Google සමාගම මැලි කමක් දැක්වූවා.

කොහොම නමුත් WiFi scanning වල ප්‍රශ්නයක්, Fast charging වල ප්‍රශ්නයක් ඇතුළුව තවත් ප්‍රශ්න කිහිපයක් සඳහා විසඳුම් ලබා දීමට මේ වන විට Google සමාඟම එකඟ වී තිබෙන අතර මේ වන විටත් ඒ වෙනුවෙන් කටයුතු කරමින් පවතින බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර xda-developers වෙබ් අඩවියෙන් දැනගන්න අවස්ථාව තිබෙනවා.