Oppo සමාගම මෑත කාලීනව ජංගම දුරකථන සඳහා වන නව තාක්ෂණයන් අත්හදාබැලීම සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූ සමාගමක් වන අතර ඔවුන්ගේ fast charging, optical zooming මෙන්ම ලොව ප්‍රථම under-display mobile camera එක පිළිබඳවත් මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ලොව ප්‍රථම වරට Display එකට ඇතුලතින් Selfie Camera එකක් අන්තර්ගත කිරීමට Oppo සමාගම සමත් වෙයි
පසුගිය වසර කිහිපය පුරාවට ජංගම දුරකථන නිෂ්පාදකයන්ගේ අවධානය යොමු වී තිබුණුප්‍රධානතම සාධකය වූයේ screen-to-body ratio එක[https://www.ubergizmo.com/what-is/display-to-body-ratio/] වැඩිම ජංගම දුරකථනයනිර්මාණය කිරීම කෙරෙහි බව ඔබ දකින්නට ඇති. කොහොම නමුත් මෙහිදී පැන නැගුණු විශාලතම ගැටළුව වූයේ screen-to-bo…

ඔන්න දැන් තවත් චීන සමාගමක් වන China Mobile ආයතනය සමඟ එකතු වී අලුත් RTK තාක්ෂණයක් අත්හදාබැලීමට Oppo සමාගම කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ අලුත් තාක්ෂණය හරහා කිසිඳු අමතර උපාංගයක් භාවිතා නොකර පරිශීලකයා සිටින ස්ථානය ආසන්න මීටරය දක්වා නිවැරදිව ලබාගැනීමට හැකියාව ලැබෙන බව වාර්තා වන අතර, මේ සඳහා ජංගම දුරකථනයේ ඇති GPS පහසුකම, cell towers හරහා ලබාගන්නා තොරතුරු මෙන්ම gyroscope එක, accelorometer එක සහ ජංගම දුරකථනයේ antenna එක පවා භාවිතා කරන බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ වන විට මෙලෙස මීටර් එකක් දක්වා නිරවද්‍යය ලෙස position එක ලබාගැනීමට නම් මීට අදාල professional උපාංග භාවිතා කළ යුතු වන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

‍මේ අලුත් navigation algorithm එක හරහා අවට ඇති අනෙකුත් උපාංග වලින් සිදු වන interference එක, එහෙමත් නැතිනම් බාධාවන් ද ඉවත් කොට නිවැරදි ලෙස පරිශීලකයා සිටින ස්ථානය ලබාගත හැකි අතර, මෙය per-lane navigation පහසුකමක් ලබාදීමට පවා ප්‍රමාණවත් වන බව Oppo සමාගම ප්‍රකාශ කරනවා.

එමෙන්ම මෙම තාක්ෂණය මූලිකව චීනය පදනම් කරගෙන ලබන වසරේදී එළිදැක්වීමට ද China Mobile ආයතනය සහ Oppo සමාගම සූදානමින් සිටින බව GSM Arena වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.