Uber සමාගම විසින් 2020 වර්ෂය වන විට අහසින් යන Taxi සේවාවක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව අපි ඔබව මීට කලින් දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් ඇමෙරිකාවේ San Diego නගරය පාදක කර ගනිමින් මීළඟ ජූලි මස ආරම්භයේ සිට fast food deliver කිරීම සඳහා ඩ්‍රෝන යානාවන් භාවිතා කිරීමට Uber සමාගම කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්ථා වෙනවා.

කොහොම වුණත් මේ හරහා drone යානා භාවිතා කරමින් පාරිභෝගිකයාගේ නිවසට ම deliver කිරීම සිදු නොකරන අතර ඒ ආසන්නයේ පිහිටා ඇති safe landing zones, එහෙමත් නැතිනම් ගොඩබැසීම සඳහා ආරක්ෂිත ස්ථාන වලට ගෙන යනු ලබනවා.

එම ස්ථානයන්ගේ සිටින Uber රියදුරන් හරහා අදාල නිවසට එම පාර්සල් රැගෙන යන අතර ඉහත සඳහන් කළ landing zone එක, Uber car එකක වහලය වුවත් විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

අදාල Drone වලින් මේ landing zone හඳුනාගනු ලබන්නේ ඊට අදාල වන QR Code හරහා බවත්, මේ සඳහා දැනට සාමාන්‍යය drone භාවිතා කරනු ලැබුවද දැනටමත් මේ සඳහා විශේෂිත වූ drone යානා විශේෂයක් නිර්මාණය කරමින් පවතින බවත් Uber ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

Drone හරහා deliver කිරීමේ කටයුතු සිදු කිරීමේදී ආරක්ෂාව, ශබ්ධ දූෂණය හා ගුවන් ගමනාගමන කටයුතු පාලනය කිරීම වැනි කටයුතු වලදී තවමත් ගැටළු සහගත තැන් පවතින බවත්, එම ගැටළු විසඳාගැනීමට ක්‍රම ඉදිරියේදී විසඳාගැනීමට කටයුතු කරන බවත්, මීළඟ වසර තුන ඇතුලතදී තවත් ප්‍රදේශ කිහිපයකට මෙය ව්‍යාප්ත කිරීමටත් Uber සමාගම කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.