E3 එහෙමත් නැත්නම් Electronic Entertainment Expo ය​නු ලෝකයේ විශාලත​ම Gaming සම්බන්ධ ආයතන එකතුවෙලා, ඔවුන්ගේ අලුතින් නිකුත් වීමට නියමිත Games, Gaming Technologies, Hardwares පලමුවරට ඉදිරිපත් කරන විශාල event එක​ක්.‌

මේ event එකට Microsoft සමාගමේ Xbox division එක, Sony සමාගමේ PlayStation division එක වගේම UbiSoft, Electronic Arts වගේ gaming වලට සම්බන්ධ සියළුම ආයතන මේ event එක තමන්ගේ අලුත් නිර්මාණ මෙහිදී එළිදැක්වීමට කටයුතු කරන අතර, මෙවර E3 2019 event එක අතරතුරදී Opera සමාගම ද මෙයට එකතු වී තිබුණා.

මෙහිදී Opera ආයතනය විසින් ඔවුන්ගේ අලුත්ම හඳුන්වාදීම වන Opera GX, එනම් Gaming සහ Gamers ලා සඳහාම වෙන් වූ ලොව ප්‍රථම Web Browser එක හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවා.

Video-game play කරන්නන් සඳහාම සුවිශේෂී වූ පහසුකම් රැසක් මෙයට එකතු කිරීමට Opera ආයතනය කටයුතු කර තිබුණත්, සාමාන්‍යය පුද්ගලයෙකු හට වුවත් මෙම පහසුකම් ඉතාමත් ප්‍රයෝජනවත් බව බොහෝ දෙනා අදහස් දක්වනවා.

Built-in RAM සහ CPU limiter එකක් ඇති ප්‍රථම Web Browser එක මෙය වන අතර මෙම Option එක හරහා ඔබ Game එකක් play කරනවිට Web Browser එක විසින් ඔබගේ පරිගණකයේ RAM එක සහ CPU එක භාවිතා කිරීමේ සීමාව සඳහන් කළ හැකි අතර ඒ හරහා Game එකට resources මදි වීමේ ගැටළුව වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

Twitch කියන්නේ Games play කරන ඕනම කෙනක් දන්න කියන, ඒ වගේම ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධ Streaming application එකක්. Twitch Application එකත් Opera GX වලට අන්තර්ගත කර ඇති නිසා මේ Browser එක තුලින්ම Twitch Notification බලාගැනීමේ හැකියාවත් ලැබෙනවා.

ඔබට ඕනෑම video ඒකක් floating window එකක, එහෙමත් නැතිනම් game එකට උඩින් පෙන්වන windows එකක බලාගත හැකිවීම මෙහි ඇති තවත් විශේෂ option ලෙස පෙන්වාදිය හැකි වෙනවා. ඔබ game එකක් play කරන විට game එකට උඩින් floating window එකක ඔබට අදාල video එක play කර බැලිය හැකි වෙනවා.

මීට අමතරව gaming පිළිබඳව වන අලුත්ම News වගේම අඩු මිලට Games මිලදීගත හැකි ආකාරයේ deals ඇති විට ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ද මේ Opera GX Browser එකට හැකියාව තිබෙනවා.

ඒ වගේම සාමාන්‍යය Opera Browser එකේ මෙන්ම, මේ browser එකත් සමඟ ඔබට අත්විදීමට ලැබෙන built-in ad blocker එක සහ VPN (virtual private network) එක වගේම ඔබ​ට pop out windows, messenger services එනම් Facebook Messenger, Telegram, Vkontakte සහ WhatsApp වැනි Apps ද මෙහි අන්තර්ගත කිරීමට Opera සමාගම කටයුතු කර තිබෙනවා.

එමෙන්ම සාමාන්‍යය browser එකක theme එක customize කිරීමට හැකියාව ලබාදෙන ප්‍රමාණයෙන් ඔබ්බට ගොස්, තමන් කැමති ආකාරයට තමන්ගේ web browser එක හැඩගස්වා ගැනීමේ හැකියාව ද මෙයට ඇතුලත් වෙනවා.

මේ වන විට Opera GX හි Windows Version එකක් ඔබට opera.com/gx වෙත පිවිස Download කරගැනීමේ හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Opera GX වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.