Edit කරන ලද photos හඳුනාගැනීම සඳහා AI, එහෙමත් නැතිනම් කෘතීම බුද්ධිය භාවිතා කිරීමට Adobe සමාගම සූදානම් වන බව පසුගිය වසරේ ජුනි මස අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Adobe සමාගමේ පර්යේෂකයන් වන Richard Zhang සහ Oliver Wang සමඟින් Berkeley විශ්ව විදය්‍යාලයේ විද්‍යාඥයින් සමඟින් එකතු වී කළ මේ research එකේ එක් අදියරක් ලෙස Photoshop වල Face Aware Liquify feature එක භාවිතා කරමින් මිනිසුන්ගේ මුහුණු යම් ආකාරයකින් වෙනස් කර ඇති නම්, AI භාවිතා කර ඒ බව හඳුනාගැනීමට හැකියාව ඇති tool එකක් නිර්මාණය කිරීමට මොවුන් මේ වන විට සමත් ව තිබෙනවා.

කොහොම වුණත් අලුතින් නිර්මාණය කළ මෙම තාක්ෂණය සහිත මෘදුකාංගය හැකි ඉක්මණින් වෙළඳපොලට නිකුත් කිරීමට Adobe සමාගමේ බළාපොරොත්තුවක් නොමැති බවත්, මෙය විශාල research project එකක කොටසක් පමණක් වන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Adobe Creative tools භාවිතා කිරීම ලොව පුරා ජනප්‍රිය වීමත් සමඟින් බොහෝ fake news සඳහා image edit කිරීමේදී, Photoshop වල අන්තර්ගත වන මේ Liquify feature එක භාවිතා කරමින් සාමාන්‍යය ඡායාරූපයේ නොමැති ආකාරයේ හැඟීම් මුහුණ හරහා පෙන්විය හැකි ලෙස edit කිරීමට කටයුතු කරන බවත්, එම ඡායාරූප හඳුනාගැනීමට මෙම තාක්ෂණය උපකාරී වන බවත් Adobe සමාගම ප්‍රකාශ කරනවා.

Photoshop වල Face Aware Liquify feature එක

මෙය නිර්මාණය කිරීම සඳහා Liquify පහසුකම භාවිතා කරමින් edit කළ සහ edit කිරීමට ප්‍රථමව තිබූ ඡායාරූප රැසක් භාවිතා කරමින් පුහුණු කරන ලද neural network එකක් භාවිතා කර තිබෙනවා.

මේ ආකාරයෙන් edit කරන ලද photos හඳුනාගැනීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් හට මෙයින් sample එකක් ලබා දීමේදී ඒවායෙන් 53% ක පමණ ප්‍රමාණයක් හඳුනාගැනීමට ඔවුන් සමත් වී තිබූ අතර, Adobe සමාගමේ මේ අලුත් tool එක හරහා 99%ක ප්‍රතිශතයක් වාර්ථා කිරීමට සමත් වී තිබෙනවා.

මීට අමතරව මේ tool එක හරහා අදාල photos, edit කිරීමට ප්‍රථමව තිබූ තත්ත්වය හඳුනාගැනීමට සහ ඊට අදාල වෙනස්කම් යෝජනා කිරීමට ද හැකියාව තිබෙන නමුත් මේ ආකාරයේ universal undo button එකක් හඳුන්වා දීමට බොහෝ කල් ගත වනු ඇති බව Adobe සමාගමේ පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Adobe Blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.