Uber කියන්නේ මේ වන විට ලෝකය පුරා වගේම ශ්‍රී ලංකාවෙත් ඔවුන්ගේ taxi සේවාව නිසාම ජනප්‍රියත්වයට පත් වුණු ආයතනයක් බව අපි හැමෝම දන්නවා.

ඔන්න දැන් ගුවන් යානා නිෂ්පාදනය සඳහා ලෝක ප්‍රසිද්ධ සමාගමක් වන Bell සමාගම සමඟ එකතු වී 2020 වර්ෂය වන විට ගුවන් taxi සේවාවක් ආරම්භ කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

මේ වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට නියමිත ගුවන් යානය Bell Nexus නමින් දැනට හඳුන්වන අතර මෙය helicopter ඝනයට අයත් වෙන යානාවක් වෙනවා. එමෙන්ම මෙය hybrid electric propulsion පද්ධතියක් හරහා පණගැන්වෙන අතර මේ හරහා කිලොග්‍රෑම් 272ක (ආසන්න වශයෙන් මිනිසුන් 5 දෙනෙකුගේ) පමණ බරක් එසවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මෙවර CES 2019 සමුළුව අතරතුරදී ඔවුන්ගේ මේ air-taxi concept එක ඉදිරිපත් කර තිබෙන අතර මේ වන විට ඛණිජ තෙල් මිල නිසාවෙන් helicopter භාවිතාව පිළිබඳව ඇතිවී තිබෙන ආර්ථිකමය බළපෑම මේ hybrid air-taxi එක හරහා ඉවත්ව යනු ඇති බව ඔවුන්ගේ අදහස වෙනවා.

කොහොම වුණත් මේ ආකාරයේ air-taxi නිපදවීම වෙනුවෙන් උත්සුක වන එකම ආයතනය Bell සමාගම පමණක් නොවන අතර Boeing, Airbus, Kitty Hawk වැනි ආයතන 19ක් පමණ මේ වෙනුවෙන් පරීක්ෂණ හා අත්හදාබැලීම් කටයුතු සිදු කරන නමුත් මේ Bell සමාගම Uber සමඟින් එකතු වී සිදු කරගෙන යනු ලබන ක්‍රියාවලියේ සැළකිය යුතු ප්‍රගතියක් ඇති බව දැනගන්නට ලැබෙනවා.

දැනට මෙය concept එකක් පමණක් වුවත් 2020 වර්ෂයේ මැද භාගය වන විට මෙය වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් සූදානම් වන ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Engadget වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.