ඇමරිකාව විසින් Huawei සමාගමට වෙළඳ තහනමක් පනවා මේ වන විට වසරක් ගතවී තිබෙන අතර Huawei සමාගමට Google Mobile Service (GMS) පවා ලබා ගැනීමට නොහැකි වීම නිසාවෙන් ඔවුන්ගේ වෙළඳ කටයුතු වලට විශාල පහරක් එල්ල වූ බව ඔබ දැනටමත් දන්නවා ඇති.

Google Services නොමැතිව Huawei Mate 30 ජංගම දුරකථනය එළිදැක්වීමට Huawei සමාගම කටයුතු කරයි
මීළඟ Huawei ජංගම දුරකථනයට Google Apps ඇතුලත් කිරීම තහනම් බව Google සමාගම නිළවශයෙන් ප්‍රකාශ කළ බව පසුගිය අගෝස්තු මාසයේදී අපි ඔබව දැනුවත් කරන්නට කටයුතු කළාමතක ඇති. මීළඟ Huawei ජංගම දුරකථනයට Google Apps ඇතුලත් කිරීම තහනම් බව Google සමාගම නිළවශයෙන් ප්‍රකාශ කරයිචීනය හා ඇමෙරිකාව අතර ඇති වූ වෙළඳ යුද්ධය…

නමුත් ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් Huawei සමාගම වෙත පනවා ඇති නීති රීති වෙනස් කොට next generation 5G තාක්ෂණය සඳහා standards පැනවීම වෙනුවෙන් Huawei සමාගම සමඟ ඇමරිකානු සමාගම් වලට වැඩ කළ හැකි වන ලෙස නව නීති හඳුන්වා දීමට සූදානම් වන බව මේ වන විට වාර්ථා වෙනවා.

ඔවුන් විසින් මේ සඳහා නව නීති රීති කෙටුම්පත් කරමින් සිටින අතර එහි පරමාර්ථය වන්නේ Huawei සමාගමට සහනයක් සැලසීමට වඩා ඇමරිකානු සමාගම් වලට 5G තාක්ෂණයේ standards ආරක්ෂා කරගනිමින් අනාගතයේදී ඒ හරහා ලාභ ලැබීමේ අභිලාශයයි.

ඇමරිකාව විසින් Huawei සමාගමට මෙම වෙළඳ තහනම පැන වූ දා සිට අමෙරිකානු Telecommunication සමාගම් එය ඇමරිකාවට අවාසියක් වනු ඇති බවට මත පළ පළකර සිටි අතර ඊට හේතුව වන්නේ 5G තාක්ෂණය පිළිබඳව standards පැනවීම හරහා ඉදිරියේදී ඩොලර් බිලියන ගණනින් ලාභ ලැබිය හැකි නව පරම්පරාවේ කර්මාන්තයක් වීමයි.

Huawei සමාගම යනු ලොව අංක එකේ ටෙලිකොම් උපකරණ නිෂ්පාදනය කර අපනයනය කරන සමාගමක් වන අතර එය ලොව දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා වන බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

එමෙන්ම 5G තාක්ෂණය අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වන Patent බලපත්‍ර වලින් 20% කටම හිමිකම් කියන්නේ ද මේ Huawei සමාගමයි.

එමෙන්ම ලොව පුරා 5G සේවා ව්‍යාප්ත කිරීමෙහිලා Huawei සමාගම සක්‍රීය දායකත්වයක් දක්වමින් සිටින අතර Huawei සහය නොමැතිව 5G සේවා ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු සමාගම් වලට දැඩි අභියෝගයක් වනු ඇති.

තවද Huawei යනු Research and Development කටයුතු සඳහා සුවිසාල මුදලක් වැය කරන සමාගමක් වන අතර 2020 දී එම අගය ඩොලර් බිලියන 20 ඉක්මවනු ඇති.

කෙසේ වෙතත් නව නීති සම්පාදනය කිරීමට කොපමණ කාලයක් ගත වන්නේ ද යන්න පිළිබඳව තොරතුරු හෙළිවී නැති අතර වාර්තා වන පරිදි Huawei සමාගම විසින් නිශ්පාදනය කරන උපකරණද තවදුරටත් ඇමරිකාව විසින් වර්ජනය කරනු ඇති.

ඒ අනුව නව නීති රීති, Huawei උපකරණ සඳහා නොව Huawei සේවා සඳහා බලපාන ලෙස වෙනස් වනු ඇති බව අනුමාන කල හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizchina වෙබ් අඩවිය, Reuters වෙබ් අඩවිය හා Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.