Google Duo සේවාවේ web app එක සදහා group video calling පහසුකම ලබා දීමට ‍කටයුතු කරනු ලබන බව මේ වන විට Google සමාගම විසින් නිවේදනය කර තිබෙනවා.

COVID-19 වසංගතය හේතුවෙන් සමාජ-දුරස්ථව සිටියදී මිතුරන් හා පවුලේ අය සමඟ සම්බන්ධ වීමට මෙය ඉතා පහසු ක්‍රමයක් විය හැකි නමුත් Group calls සදහා සම්බන්ධ වීමට Google Account එකක් අවශ්‍ය වන බව Google සමාගම ප්‍රකාශ කරනවා.

මෙම පහසුකම ඉදිරි සතිවලදී Chrome භාවිතා කරමින් අත්හදාබැලීමක් ලෙස ක්‍රියාත්මක විමට නියමිතව ඇති අතර තවත් අලුත් features කිහිපයක්ම මෙයත් සමග නිකුත් විමට නියමිත බවද වාර්ථා වේ.

මීට පෙර අප Google Duo වල Web App එක හරහා Video Chat කිරීමේ පහසුකම ලබාදීම ගැන ඔබව දැනුවත් කලා මතක ඇති.

Google Duo වල Web App එක හරහා Video Chat කිරීමේ පහසුකම ලබාදීමට Google සමාගම කටයුුතු කරයි
Google සමාගම ඔවුන්ගේ Allo සේවාව [https://allo.google.com/] හඳුන්වා දීමත් සමඟම Google Duo සේවාව [https://duo.google.com] ද එළිදැක්වූ අතර මේ වන විට Alloසම්පූර්ණයෙන්ම නවත්වා දැමීමටත් [/google-is-shutting-down-allo/], Duo තවත්වැඩිදියුණු කරමින් පවත්වාගෙන යාමටත් ඔවුන් කටයුතු කරමින් පවතිනවා. පසුගිය වසර…
Family Mode

Google Duo වලට අලුතින් “family mode” නම් වූ පහසුකමක් එකතු වන අතර ඒ හරහා screen එකෙහි විවිධ දෑ ඇඳීමේ පහසුකම මෙන්ම masks සහ effects යෙදීමට ඉඩ ලබාදෙනු ලබනවා.

View post on imgur.com

එමෙන්ම මේ family mode එක භාවිතා කරන විට Mute සහ Hang up Buttons Hide කිරිම ‍සිදුවන අතර එමඟින් ඔබ යමක් අඳිමින් සිටින විට ඇමතුම අහම්බෙන් Mute සහ Hang up වීමේ අවස්ථාව අවම කිරිමට Google සමාගම කටයුතු කර ඇත.

Bring people together in more ways

ඉදිරි සති වලදි Duo web මගින් Group calls ලබා ගැනිමට හැකි වෙන අතර එක් වරකට වැඩි පිරිසක් සමග කතා කිරිමේ හැකියාව මෙමගින් ලැ‍‍බෙයි. Google Account ඇති ඕනෑම කෙනෙකුට Group calls සදහා join වීමේ හැකියාව ද පවතිනවා.

View post on imgur.com

ආදරණීයයන් සමඟ ඉතාමත් පහසුවෙන් සහ සිත්ගන්නාසුළු ආකාරයට සම්බන්ධ වීමට මෙම features උපකාරී වනු ඇතැයි Google සමාගම විශ්වාස කරන අතර ‍Google Duo වලින් ලබාගන්නා ඇමතුම් end-to-end encrypted කර ඒ හරහා පරිශීලකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ google blog වෙබ් අඩවිය , The Verge වෙබ් අඩවිය සහ GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.