පසුගිය වසරේ දෙසැම්බර් මස පැවති Snapdragon තාක්ෂණික සමුළුවේදී Qualcomm සමාගම විසින් Snapdragon 765, Snapdragon 765G යන chipsets සහ Snapdragon 865 flagship chipset එක එළිදැක්වීම කටයුතු කරනු ලැබුවා.

මෙයින් Snapdragong 765 SoC එක, Samsung සමාගමේ 7nm EUV process එකට අනුව නිෂ්පාදනය කරනු ලැබූ අතර (Snapdragon X52) 5G modam එකක් අන්තර්ගත වූ, Qualcomm සමාගමේ ප්‍රථම mid-range SoC එක ද මෙය වෙනවා.

ඔන්න දැන්, Qualcomm සමාගම විසින් ඔවුන්ගේ නවතම mid-range chipset එක වන Snapdragon 768 SoC එක මෙන්ම, gaming සඳහා නිකුත් කරනු ලබන එම සංස්කරණයේම(2.8GHz සිට 2.4GHz දක්වා) overclock කරන ලද සංස්කරණයක් වන Snapdragong 768G SoC එක ද එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.

මේ Snapdragon 768G සංස්කරණය Qualcomm Adreno 620 GPU එකක් ද අන්තර්ගත වන අතර මෙහි පැරණි මාදිලිය වූ Snapdragon 765G SoC එකට වඩා 15%ක performance improvement එකක් මේ හරහා බළාපොරොත්තු විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

Snapdragon 768G 5G Mobile Platform | Qualcomm
Snapdragon 765G 5G Mobile Platform brings premium smartphone experiences for gamers, including 5G gaming, Elite Gaming features, and all-day battery life.
Features සහ Specifications පිළිබඳව වැඩිදුර විස්තර සදහා

මේ අලුත් chipset එක සමඟින් වෙළඳපොලට නිකුත් වන පළමු ජංගම දුරකථනය බොහෝ දුරට Xiaomi Redmi K30 5G Racing Edition ජංගම දුරකථනය වනු ඇති බව XDA-Developers වෙබ් අඩවිව අනුමාන කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-developers වෙබ් අඩවිය සහ Qualcomm නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.