Twitter කියන්නෙ quality over quantity කියන සංකල්පය වඩාත් හොඳින් ආරක්ෂා කරන social network එකක් කිව්වොත් නිවැරදියි.

මේ පිලිබදව තවත් පැහැදිලි විස්තර කිරීමක් සිදු කරමින් Twitter වලින් ඉවත් කළ Twitter ගිණුම් මිලියන 70ක් පිළිබදව පසුගිය ලිපියකින් ඔබව දැනුවත් කලා මතක ඇති.

ඉතින් මේ Twitter හරහා යම්කිසි tweet එකක් ඔවුන්ගේ නීති පද්ධතිය උල්ලංඝනය කර තිබෙන බවට හඳුනාගතහොත්, එය block කිරීමට කටයුතු කරනු ලබන අතර එම tweet එක දැමීමට කටයුතු කළ පුද්ගලයා විසින්ම එය ඉවත් කිරීම සිදු කරන තුරු ඔහුට තවත් අලුත් tweets දැමීමේ පහසුකම තාවකාලිකව ඉවත් කරනු ලබනවා.

බොහෝ වේලාවන්හිදී මෙවැනි report වූ tweets ඇති බව බොහෝ දෙනෙක් නොදැන සිටීම නිසා තම Twitter account එක අත්හිටුවා ඇතැයි බොහෝ දෙනා කනස්සල්ලෙන් සිටින බව ඔවුන් පෙන්වා දෙන අතර, මේ ගැටළුවට විසඳුමක් ලබා දීම වෙනුවෙන් ඒ බව notice එකක් මගින් අදාල පුද්ගලයාව දැනුවත් කිරීමට Twitter සමාගම කටයුතු කරනු ලබනවා.

එමෙන්ම මෙම notice එක අදාල tweet එක delete කිරීමෙන් දින 14ක් දක්වා කාලය තුලදීත් මෙලෙස පෙන්වීමට කටයුතු කරනු ලබන අතර Twitter වෙබ් අඩවියට හා mobile app එකට ඉදිරි සති කිහිපය තුලදී මෙය හඳුන්වා දීමට නියමිත බව Twitter සමාගම වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලබනවා.

මීට අමතරව යම්කිසි පුද්ගලයෙකු විසින් report කරනු ලැබූ tweet එකක්, තවදුරටත් ඔහුට/ඇයට නොපෙන්වා, ඒ බවද notice එකක් ආධාරයෙන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අවශ්‍යය නම් එම notice එක මත tap කිරීමෙන් අනතුරුව අදාල tweet එක බලා ගැනීමේ අවස්ථාව ද පරිශීලකයාට හිමි වෙනවා.

2017 වර්ෂයේ ආරම්භයේ පටන් මේ වන විට අත්හදාබැලීම් 100 කට අධික ප්‍රමාණයකික් හරහා Twitter platform එක මත එහි පරිශීලකයින්ගේ ආරක්ෂාව හා පහසුව වැඩිදියුණු කිරීම සඳහා Twitter සමාගම කටයුතු කර ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ඔවුන්ගේ නීති පද්ධතිය පරිශීලකයාට තේරුම් ගැනීමට වඩාත් පහසු වන ලෙද උදාහරණ දක්වමින් පැහැදිලි කරන්නට ඔවුන් කටයුතු කර තිබෙන බවත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Twitter blog අඩවිය හා theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.