Android Nearby Notifications පහසුකම නවතා දැමීමට Google සමාගම කටයුතු කරයි

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    2015 වර්ෂයේදී Google සමාගම විසින් Android වලට හඳුන්ව‍ා දුන් “Nearby Notifications” පහසුකම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට Google සමාගම කටයුතු කර තිබෙනව‍ා.

    මේ “Nearby Notifications” පහසුකම හරහා යම්කිසි ස්ථානයකට ළඟා වූ විට notification එකක් මාර්ගයෙන් එහි ඇති සේවාවන් පිළිබඳ දැනුම්දීමක් සිදු කළ හැකි වෙනවා. උදාහරණයක් ලෙස යම්කිසි වෙළඳසැලක් ආසන්නයෙන් ගමන් කරන විට එම වෙළඳසැලෙහි ඇති public WiFi පහසුකම භාවිතා කිරීමට අවශ්‍යය password එක පිළබඳව notification එකක් මගින් දැනුම් දීමට කටයුතු කරනවා.

    මේ පහසුකම හඳුන්වාදීමට මූලික වී තිබුණේ public WiFi password ගැන දැනුවත් කිරීම, තමන්ගේ බස් රථය එන වේලාව ගැන දැනුවත් කිරීම වැනි පරිශීලකයා හට ප්‍රයොජනවත් වන තොරතුරු ඔහු සොයා බලන්නට කලින් වාර්ථා කිරීම වෙනුවෙනුයි.

    කොහොම නමුත් මේ පහසුකම බහුල වශයෙන් Spam සඳහා අවභාවිතා කිරීම හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් මාසයේ 16 වැනි දින සිට මෙය නවත්වා දැමීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

    මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Android Developer Blog එක හා xda-developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.