Google විසින් සමාගම විසින් පසුගිය මාස කිහිපය පුරාවට Google maps වලට එකතු කරනු ලැබූ Commute tab එක ගැන , Group planning පහසුකම වැනි නාවාංග කිහිපයක්ම ගැනම අප ඔබව දැනුවත් කලා මතක ඇති.

Google Maps වලට තව න‍ොබෝ දිනකින් පැමිණීමට නියමිත අලුත්ම අංග දෙකක් ගැන තමයි මේ ප්‍රවෘත්තිය වාර්ථා වෙන්නේ.

තමන් කැමති Restaurant එකක්, එහෙමත් නැතිනම් නිමි ඇඳුම් අලෙවිසැලක් වගේ තමන් කැමති ව්‍යාපාරික ස්ථානයක Google maps හි ඇති Business Profile එක Follow කිරීමට හැකියාව ලබා දෙමින් Follow Option එකක් ඇතුලත් කිරිමට Google සමාගම තීරණය කර තිබෙනවා.

මෙලෙස තමන් කැමති ව්‍යාපාරික ස්ථානයන් Follow කළ පසු එසේ Follow කරන ලද ස්ථාන පිළිබඳව අලුත්ම දැනුවත්කිරීම්, events, offers වගේ දේවල් for you කියන tab එක හරහා අපිට පෙන්වන්නට Google සමාගම කටයුතු කරනවා.


ඔබ අවට අලුතින් විවෘත කිරීම නියමිත ව්‍යාපාරික ස්ථාන ගැන කලින්ම දැනුවත් වියහැකි පහසුකම

බොහෝ දෙනෙක් ගොඩක්ම කැමති දෙයක් තමයි අපි ඉන්න town එකේ අලුත් නිමි ඇඳුම් වෙළඳසැලක්, Shopping mall එකක් වගේ දෙයක් ආරම්භ කලොතින්, අනිත් හැමෝටම කලින් ගිහින් ඒ shopping අත්දැකීම විඳගන්න එක. ඔන්න ඒ වෙනුවෙන් Google සමාගම විසින් අලුත් පහසුකමක් මේ Google Maps වලට එකතු කරන්නට කටයුතු කර තිබෙනවා.

මේ පහසුකම හරහා ඔබ ජීවත් වන අවට ප්‍රදේශයේ අලුතින් විවෘත කිරීමට නියමිත ව්‍යාපාරික ස්ථාන පිළිබදව දැනගත හැකි වන අතර Google calendar භාවිතයෙන් එම දිනය save කර තබාගන්නත් හැකියාව ලැබෙනවා.

එමෙන්ම ව්‍යාපාරියකයන් හට Google Business Page එකක් නිර්මාණය කිරීමෙන් පසු තම ව්‍යාපාරය ආරම්භ කිරීමට මාස තුනක කාලයකට පෙර සිට මේ ආකාරයෙන් potential customers ලා හට ඒ පිළිබඳව දැනුවත් කිරීම ඇතුලු මෙම සියලු පහසුකම් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog අඩවිය, theverge වෙබ් අඩවිය හා techcrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.