පසුගිය මාස දෙක ඇතුලත ව්‍යාජ පුවත් සහ spam පැතිරවීම වැනි විවිධ අකටයුතුකම් සඳහා බාවිතා කළ Twitter ගිණුම් මිලියන 70ක් පමණ අවලංගු කර දැමීමට Twitter ආයතනය කටයුතු කර තිබෙනවා.

පසුගිය මස ඔවුන්ගේ ආරක්ෂක ප්‍රතිපත්ති වල වෙනසක් සිදු කරමින් ඔවුන් පවසා සිටියේ ඒ වන විට සතියකට මිලියන 9.9ක් පමණ වූ මෙවැනි spam සහ automated ගිණුම් හඳුනාගෙන ඇති බවත්, ඉදිරියේදී Twitter හි ආරක්ෂක උපක්‍රම වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවත් ය.

මේ පියවර සමගින් Twitter හි සැලකිය යුතු user account ප්‍රමාණයක් ඉවත් වී යන අතර ඔවුන්ගේ active user count එකට මෙය විශාල බලපෑමක් එල්ල කරනු ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ මෙම quality over quantity කියන සංකල්පය පෙරදැරි කරගෙන සිදු කරන වෙනස්කම් හේතුවෙන් ඇතිවිය හැකි සෘණාත්මක බලපෑම් පිළිබඳව Twitter හි කොටස් හිමිකරුවන් මුලින්ම දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.