Social media වලදී අපි ගොඩක් දේවල් delete කළා කියලා හිත හදාගත්තත්, ඇත්තටම ඒ දේවල් delete වෙනවා ද?

Security researcher කෙනෙකු වන Karan Saini විසින් කළ සොයාගැනීමකට අනුව වසර ගණනාවක් තිස්සේ delete කිරීමට කටයුතු කළ කිසිඳු direct message එකක් සැබැවින්ම delete නොකර සිටීමට Twitter ආයතනය කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

මොහු ප්‍රකාශ කරන අන්දමට suspend හෝ delete කරන ලද twitter account වල direct messages පවා මේ ආකාරයට save කර තබා ගැනීමට Twitter ආයතනය කටයුතු කර තිබෙන අතරම ඒවා තවමත් ලබාගත හැකි බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

2016 වර්ෂයේ TechCrunch වෙබ් අඩවිය විසින් delete කළ messages කිහිපයක් අද වන තුරු තිබෙන අයුරු - (Image: TechCrunch)

මේ පිළිබඳව වැඩිදුර සොයා බැලීමට ඔවුන් කටයුතු කරනු ලබන බව Twitter ආයතනය විසින් TechCrunch වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙන නමුත්, ඒවා මකා දමන බවක් හෝ එම දත්ත වලට සිදු කරන දේ ගැන හෝ පැහැදිලි ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුන් කටයුතු කර නැහැ.

ඔයාගේ Twitter account එකේ delete වුණු messages ඇත්නම් Twitter data download කරගැනීමේ පහසුකම හරහා මේ සියළුම දත්ත (delete කළ messages ද ඇතුළුව) download කරගැනීමේ හැකියාව මේ වන විට පවතිනවා.


පසුගිය වසරේ සැප්තැම්බර් මස Twitter එකේ තිබූ bug එකක් නිසාවෙන් මේ direct messages වෙනත්  developers ලා හට access කිරීමේ හැකියාව ද ලැබී තිබුණු බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඉතින් මෙය bug එකක් හෝ හිතා-මතා කරන ලද්දක් වුවත්, මේ හරහා රහස්‍යය තොරතුරු හුවමාරු කරන මාධ්‍යයවේදීන්/පුවත් වාර්ථා කරන්නන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් වැනි පුද්ගලයන් ඉතාමත් අවධානමක සිටින බව බොහෝ දෙනාගේ මතය වෙනවා.

ඕනෑම අවස්ථාවක රජයක් හෝ අධිකරණයකින් ඉල්ලා සිටි විට Twitter සමාගම සතු දත්ත ලබා දීමට ඔවුන් කටයුතු කරනු ලබන අතර, ඔබ මොන ආකාරයකින් delete කළා යැයි සිතාගෙන සිටි දෙයක් වුවත්, ඒ අතරට ඇතුලත් වන බව මතක තබාගත් යුතු වෙනවා.


මේ දෙය බොහෝ වෙලාවට Twitter සමාගමට පමණක් ආවේණික දෙයක් නොවන අතර විශේෂයෙන්ම ඔබ මතක තබාගත යුතු කාරණයක් වන්නේ, අන්තර්ජාලයට එකතු කරන Photos, Messages, Videos හෝ ඕනෑම දෙයක්, ඔබට නැවත delete කිරීමේ අවස්ථාවක් නොමැති බවයි.

සෑම ආයතනයක්ම පාහේ එම දත්ත delete කළ බව ඔබට පෙන්වන නමුත්, ඒවා සැබැවින්ම delete වන්නේ ඉතාමත් කළාතුරකින් බව දැනුවත්ව කටයුතු කිරීමෙන් අනාගතයේදී මුහුණදිය හැකි අවධානම් සහගත අවස්ථා වලින් බේරී සිටීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.