බොහෝ Twitter භාවිතා කරන්නන් පිරිසකට අද උදෑසන පණිවිඩයක් එවමින් Twitter සමාගම කියා සිටියේ ඔවුන්ගේ Account Activity API (AAAPI) එකේ පැවති bug එකක් නිසා third-party developers ලා හට direct messages බැලීමේ හැකියාව ලැබී තිබුණු බවයි.

September 10 වෙනි සදුදා ඔවුන් මේ Bug එක හදුනාගත් බවත් හදුනාගෙන පැයක් වැනි සුළු කාලයක් අැතුලත එය යථා තත්වයට පත්කල බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. කොහොම නමුත් Twitter සමාගම ප්‍රකාශ කරනු ලබන අන්දමට මෙය 2017 මැයි මාසයේ පමණ සිට පැවති Bug එකකි.

මේ AAAPI එක හරහා සපයනු ලබන සේවාවක් භාවිතා කරනු ලැබුවේ නම් පමණක් ඔබ මේ අවධානමට පත් වී ඇති බව පෙන්වා දෙන Twitter සමාගම මේ හරහා වෙනත් developer ලා අදාල messages බැළුවේද යන්න තවමත් තහවුරු කරගත නොහැකි බවත් පෙන්වා දෙනවා. එමෙන්ම Twitter භාවිතා කරන්නන්ගෙන් 1% ක පමණ සුළු ප්‍රමාණයක් පමණක් මෙයට අදාල වන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ සිද්ධිය පිලිබදව සමාව ඉල්ලා සිටින Twitter සමාගම කියා සිටින්නේ මේ වෙනුවෙන් කලබල විය යුතු නැති බවත් මෙම සිදුවීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ඔවුන් දැනටමත් සිදු කර ඇති බවත්ය. එමෙන්ම කිසිදු developer කෙනක් මෙම දත්ත අවභාවිතා කර අැති බවට තවමත් කිසිදු අාරංච්යක් නොමැති බව Twitter සමාගම වැඩිදුරටත් කියා සිටිනවා.

මේ bug එක හරහා අගතියට පත්වී ඇතැයි අනුමාන කරන භාවිතාකරන්නන් ඔවුන්ගේ වෙබ්අඩවිය හා mobile app එක භාවිතා කරමින් සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බවත්, අදාල developers ලා විසින් මේ පුද්ගලික දත්ත ලබාගෙන ඇති නම් ඒවා මකාදැමීමට අවශ්‍යය පියවර ගන්නා බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ ආකාරයේම පසුගිය මැයි මාසයේ අනාවරණය වූ bug එකක් නිසාවෙන් මිලියන 330ක පමණ භාවිතා කරන්නන් පිරිසකගේ passwords plain text ආකාරයෙන් ගබඩා කර ගැනීම හේතුවෙන් මීට කලින් අවස්ථාවකදීද මෙලෙස තම භාවිතා කරනන්නගෙන් සමාව ඉල්ලීමට කටයුතු කළා මතක ඇති.

Twitter සමාගම විසින් පළ කළ මේ පිළිබඳව තොරතුරු ඇතුලත් ලිපිය Twitter Developer Blog එක හරහා බලන්න පුළුවනි.