Web Browser Market Share එකෙන් 2.91 % පමණ හිමිකරගන්නා Opera Web Browser එක අනෙක් Web Browser සමග කරට කර නව පහසුකම් හදුන්වා දෙමින් ඉදිරියට එන Web Browser එකක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්.

ඉතින් ඔන්න දැන් Opera Web Browser එකේ අලුත් පෙනුමක් සමගින් එන අලුත් Design එකක්  මේ වන විටත් Developer Version එක හරහා අත්හදා බැලීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම අලුත් Design එක "Reborn 3" ලෙස නම් කිරීමට Opera සමාගම කටයුතු කර තිබෙනවා.

මෙහි ඇති ප්‍රධානම වෙනස්කමක් ලෙස මේ සංස්කරණය හරහා Opera Browser එකෙහි මෙතෙක් පැවතියේ  Slider එක Black වෙනුවට Tabs වල ඇති සුදු පැහැයට සමාන වර්ණයක් එකතු කර ඇති අතර එමගින් Slider එක browser එකේම කොටසක් මෙන් දිස් වන අතර මීට ඉහතදී එය පෙනුමින්, වෙනම එකතු කරන ලද කොටසක් මෙන් දිස් වුණා.

Android වලට ඇති Opera Browser එකට cryptocurrency wallet එකක් එකතු කිරීම සම්බන්ධයෙන් මිට පෙර ලිපියක් මගින් අප ඔබව දැනුවත් කළා මතකයේ ඇති. ඔන්න දැන් මේ නව සංකරණය හරහා පරිගණකයේ සිටද මේ පහසුකම භාවිතා කිරීමට පහසුකම් සපයා තිබෙනවා.

මෙය WhatsApp Web ආකාරයට Opera විසින් ලබාදෙන QR code එක Phone එක මගින් Scan කිරීම තුළින් Phone එකෙන් කරන්නා වූ දෑ පරිගණක තිරය හරහාද බලාගත හැකිවන නමුත්, සැබැවින්ම ඔබගේ crypto wallet එක පවතින්නේ ජංගම දුරකථනයේ පමණක් වන අතර ඒ පිළිබඳව තොරතුරු දැනගැනීම පමණක් මේ හරහා සිදු කරගත හැකි වෙනවා.

එමෙන්ම Slider එකෙහි පැවති EasySetup හා Snapshot access bar වෙත එකතු කිරීම, Images බැලීමේදී වඩාත් පහසුව ගෙන එන ක්‍රමයක් ආදී නව අංග කිහිපයක් ම මෙම Opera නව Design එක හරහා ලබා ගැනීමට හැකි වනු ඇත.

මේ ගැන වැඩි විස්තර Opera නිළ වෙබ් අඩිවියෙන් හා  Tech Chrunch වෙබ් අඩිවියෙන් ලබාගන්න පුලුවන්.