Apple සමාගමේ AI Assistant app එක වන Apple Siri මේ වන විට Google Assistant හා Amazon Alexa සමඟ සැසඳූ විට මදක් පිටුපසින් සිටින බව දැකගන්න පුළුවන්.

ජංගම දුරකථනය තුලදී Siri smart වුවත්, Smarthome එකක් තුලදී Apple Siri වෙනුවෙන් තුන්වන පාර්ශවයන් විසින් නිර්මාණය කරන ලද apps, Alexa සහ Google Assistant වලට වඩා ඉතාමත් අඩු බව දැකගත හැකි වනු ඇත.

ඉතින් ජංගම දුරකථනයෙන් ඔබ්බට පැමිණ අනෙකුත් devices සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට නම් මේ Siri වැඩසටහන වෙනත් developers ලා හට සමීප කළ යුතු බව මේ වන විට Apple සමාගම තේරුම් ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.


මේ අනුව Alexa හා Google Assistant වෙනුවෙන් apps නිර්මාණය කරන ආයතන වලට සහාය දැක්වූ සමාගමක් වන PullString සමාගම මිලදී ගැනීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මේ PullString ආයතනය 2011 වර්ෂයේ ආරම්භ කළ අතර artificial intelligence භාවිතා කරමින් conversational voice apps, එහෙමත් නැතිනම් ප්‍රශ්ණ අසමින් හා පිළිතුරු ලබා දෙමින් (සංවාද) හැසිරවිය හැකි apps නිර්මාණය කිරීම සඳහා වෙනත් ආයතන වලට සහාය ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මීට අමතරව Talking Barbie doll වැනි සෙල්ලම් බඩු නිර්මාණය කිරීමේදී ද මොවුන්ගේ සහාය ලබාගෙන තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මෙම ආයතනය මිලදීගැනීමට කටයුතු කළ මිළ පිළිබඳව තවමත් හරිහැටි වාර්ථා නොවුණත් ඇමෙරිකානු ඩොලර් මිලියන 44ත් - 100ත් අතර මිලකට මෙම ගණුදෙනුව සිදු කර ඇති බව වාර්ථා වෙනවා.

මේ මිළදීගැනීමත් සමඟින් Apple Siri ට අඩුවක් ව පැවතුණු 3rd party integrations වල වැඩිදියුණු කිරීමක් බළාපොරොත්තු විය හැකි බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.