මේ වන විට චීනය පදනම් කරගත් mobile apps හා සමාගම් වලට ඇමරිකාව මෙන්ම ලොව අනෙකුත් රටවල් වලින් විවිධ බාධක එල්ල වෙමින් පවතින බව ඔබ දැනටමත් දන්නා කාරණාවක් වෙනවා.

මෙහි නවතම ගොදුර බවට Wechat mobile app එක පත්ව ඇති අතර ඊට හේතුව නම් එම app එකද තහනම් කිරීමට ඇමරිකානු ජනාධිපති Donald Trump සූදානම් වීමයි.

කොහොම නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවක් අතරතුරදී Apple සහ Disney යන සමාගම් ඇතුළුව තවත් ජාත්‍යන්තර සමාගම් දුසිමකට අධික සංඛ්‍යාවක් විසින් මෙම තීරණය පිළිබඳව අනතුරු ඇඟවීමට කටයුතු කර තිබෙනවා.

මෙම තහනම් කිරීම සිදුවුවහොත් Apple උපාංග වල අලෙවිය 30% කින් පමණ පහත වැටෙනු ඇති බව මෙහිදී හෙළි වූ අතර ඇමරිකානු ව්‍යාපාර ගණනාවකට ද මෙමඟින් ගැටලු ඇතිවනු ඇති බවද පෙන්වා දී තිබෙනවා.

චීන බහු ජාතික සමාගමක් වන Tencent සමාගම සතු WeChat යනු මාසිකව බිලියන ගණනක පරිශීලක පිරිසක් භාවිතා කරන app එකක් වන අතර, මේ ඔස්සේ Messaging, Photo hosting, WeChat Pay වැනි payment methods හා ride hailing services, games ආදී සේවා සැපයීම සිදු කරනු ලබනවා.

මෙම app එක සැප්තැම්බර් මස සිට තහනම් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසන අතර ඔහුගේ සුපුරුදු තර්කය වනුයේ මෙම app එක මඟින් ඇමරිකානු පුරවැසියන්ගේ දත්ත ස්වයංක්‍රීයව එකතු කරන බව මෙන්ම ඒවා චීන කොමියුනිස්ට් රජය වෙත ලබාදීම සිදු වන බවයි.

කෙසේ වුවත් Tencent සමාගම සතු gaming app එකක් වන League of Legends වැනි apps සඳහා මෙම තහනම ක්‍රියාත්මක නොවනු ඇති බව වාර්තා වන නමුත් එය ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් තවමත් පැහැදිලිව සනාථ කිරීමට කටයුතු කර නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.