Google සමාගම විසින් ඔවුන්ගේ Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය වන Google Pixel 4 ජංගම දුරකථනය අලුත් පහසුකම් රාශියක් සමඟින් එළිදැක්වීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google සමාගම විසින් Made by Google 2019 event එක අතරතුර සිදු කළ ප්‍රධානතම එළිදැක්වීම් ගැන දැනගනිමු
Google සමාගමේ වාර්ෂිකව පැවැත්වෙන hardware event එක වන Made by Google event එකේමේ වර්ෂය සඳහා වූ event එක ඊයේ දිනයේ New York නගරයේදී පැවැත්වීමට කටයුතු කළා. ලොව පුරා බොහෝ දෙනෙකු මේ event එක දෙස නොයිවසිල්ලෙන් බළා සිටින්නේ මෙහිදී ප්‍රධානවශයෙන්ම Google Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය එළිදැ…

මේ ජංගම දුරකථනයේ අන්තර්ගත වුණු පහසුකම් අතරින් 90Hz refresh rate එකක් සහිත AMOLED display එක පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වුණු නමුත් මේ refresh rate එක 90Hz ලෙස ක්‍රියාත්මක වන්නේ brightness level එක 75%ට වඩා වැඩි අවස්ථා වලදී පමණක් වන බව The Verge වෙබ් අඩවිය ප්‍රකාශ කර සිටිනවා.

කොහොම නමුත් DroidLife වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි දුරකථනයේ Developer options යටතේ ඇති option එකක් හරහා brightness level නොසලකා සෑම අවස්ථාවකදීම 90Hz refresh rate එක ක්‍රියාත්මක වන ලෙස සැකසීමේ හැකියාව තිබෙන නමුත් එය දුරකථනයේ battery life එක සඳහා තදින් බළපාන බව වාර්ථා වෙනවා.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් Google සමාගම ප්‍රකාශ කර සිටින්නේ බොහෝ අවස්ථා වලදී අපි නරඹන videos වැනි දෑ 24fps හෝ 30fps පමණ වන බවත්, එවැනි අවස්ථා වලදී 90Hz refresh rate එක හරහා අදාල දර්ශනයට කිසිඳු smoothness එකක් එකතු නොවන බවත්, එවැනි අවස්ථා වලදී refresh rate එක 60Hz දක්වා පහළට ගනු ලබන්නේ battery life එක ඉතිරි කරගැනීම සඳහා වන බවත් ය.

කොහොම නමුත් අනෙකුත් brightness level වලදී ද 90Hz refresh rate එක පවත්වාගැනීමට හැකියාව ලබාදෙන update එකක් ඉතාමත් ඉක්මණින් ලබාදීමට කටයුතු කරනු ලබන බව Google සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Droid-Life වෙබ් අඩවිය භාවිතා කළ හැක.