පසුගිය මැයි මාසයේදී ඇමෙරිකාව විසින් Huawei සමාගමට විරුද්ධව වෙළඳ තහනමක් පැනවීමට කටයුතු කිරීමත් සමඟින් Huawei සමාගමට අයත් HiSilicon උප සමාගමේ chipset නිෂ්පාදනයට ඉතාමත් විශාල පහරක් වැදුණු බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

විශේෂයෙන්ම CPU සහ GPU නිර්මාණය කිරීමේදී භාවිතා කළ යුතු අනිවාර්යය අංගයක් ලෙස ARM architecture එක සහ ඊට අදාල designs භාවිතා කිරීමේ හැකියාව අහිමි වීමත් සමඟ chip නිර්මාණය කිරීම සඳහා සියළුම පහසුකම් තිබුණ ද එය නීත්‍යානුකූලව එළිදැක්වීමට හැකියාව නොලැබීමත්, වෙනත් architectures භාවිතා කරමින් chipset නිෂ්පාදනය කිරීම සහ ඊට අදාල මෘදුකාංග නිර්මාණය කිරීමත් පහසු කාර්යයක් නොවීමත් නිසාවෙන් මෙම අසීරු තත්ත්වය ඇති විය.

Huawei සමාගමේ HiSilicon chipset නිෂ්පාදනය අඩපණ කරමින් ARM ආයතනය ද වෙළඳ සබඳතා අවහිර කරයි
Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතිය සඳහා Google Play Services භාවිතාකිරීමේ හැකියාව අවලංගු කිරීමත්[https://technews.lk/google-huawei-android-suspension/], තවත් ප්‍රසිද්ධ chipනිෂ්පාදකයන් රැසක් තමන්ගේ සැපයුම් Huawei සමාගමට ලබා නොදීමට කටයුතු කිරීමත් ගැන[https://technews.lk/several-chip-companies-have-reportedly-stopped-supplying-huawei/…

කොහොම වුණත් මේ වන විට ARM සමාගමේ නීතීඥයන් විසින් ඔවුන්ගේ මීළඟ chip architectures වන ARM v8 සහ v9 සංස්කරණ භාවිතා කිරීමේ අවස්ථාව Huawei සමාගමට ලබාදීමේ හැකියාව ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ architectures නිර්මාණය කර තිබෙන්නේ UK, එනම් එක්සත් රාජධානියේ නිසාවෙන් ඇමෙරිකානු වෙළඳ තහනම මීට අදාල නොවන බව ඔවුන් පෙන්වා දෙන අතර, මේ අලුත් architectures භාවිතා කරමින් Huawei HiSilicon chips නිර්මාණය කිරීමට Huawei සමාගමට මේ අනුව අවස්ථාව ලැබෙනවා.

ARM ආයතනය ජපානයේ SoftBank group එකට හිමි සමාගමක් මෙන්ම එක්සත් ජනපදයේ (UK) ස්ථාපිත ආයතනයක් වුවත්, මොවුන්ගේ processor design සිදු කරනු ලබන්නේ ඇමෙරිකාවේ Austin, Texas, San Jose සහ California යන ප්‍රාන්ත වල වූ බැවින් Huawei සමාගම සමඟ වූ සබඳතා නැවැත්වීමට සිදු වුණා.

කොහොම නමුත් මේ අලුත් chipset designs සියල්ලම පාහේ UK පාදක කරගෙන නිර්මාණය වීම නිසාවෙන් ඉදිරියේදී Huawei සමාගම සමඟ ගණුදෙනු කිරීමට කිසිඳු බාධාවක් ඇති නොවන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.