Realme සමාගම මෑතකදී ඔවුන්ගේ flagship ජංගම දුරකථනය වන X2 Pro ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කළ අතර එය යුරෝපීය වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ Realme සමාගම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ වාර්තා වූ අලුත්ම පුවතයි වන්නේ Counterpoint ආයතනය විසින් 2019 වර්ෂයේ තුන් වැනි කාර්තුවේ Global Smartphone Shipments report එක පිළිබඳව සිදු කළ සමීක්ෂණයක් අනුව Realme ජංගම දුරකථන වෙළඳනාමය ලොව වැඩිම වර්ධනයක් සහිත ජංගම දුරකථන වෙළඳනාමය වන බව අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙම නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව ප්‍රසිද්ධතම ජංගම දුරකථන නිෂ්පාදකයන්ගෙන් මුල් දසදෙනා අතර හත්වන ස්ථානය හිමිව ඇත්තේ Realme සමාගමටයි.

ජූලි සහ සැප්තැම්බර් කාල සීමාව තුළ Realme සමාගම දුරකථන ඒකක මිලියන 10 කට වඩා වෙළඳපොලට නිකුත් කිරීමට සමත්ව ඇති අතර එය ඊට පෙර කාර්තුවට, එනම් 2019 Q2 එකට වඩා 808% ක දැවන්ත වර්ධනයක් වනවා.

මෙම ශ්‍රේණිගත කිරීම හි Samsung සමාගම පෙරමුණේ පසුවන අතර Huawei, Apple පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන වල පසුවෙනවා.

Realme සමාගම මීට පෙර මාසයේ වාර්තා කරනු ලැබුවේ සිය පාරිභෝගිකයින් සංඛ්‍යාව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිලියන 17 ඉක්මවූ බවයි.

2018 මැයි මාසයේ ඉන්දියානු වෙළඳපොලට Realme 1 Smart ජංගම දුරකථනය නිකුත් කරමින් කරලියට පැමිණි Realme සමාගම මේ වන විට යුරෝපය සහ ආසියාව ඇතුළු රටවල් 20 කට වඩා වැඩි ප්‍රමාණයකට සිය නිෂ්පාදන බෙදාහරිනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.