OnePlus Z ජංගම දුරකථනය Snapdragon 765G chipset එකක් මගින් බළගැන්වෙන බව මීට පෙර අපි ඔබව දැනුවත් කලා මතක ඇති.

OnePlus සමාගමේ අලුත්ම mid-range ජංගම දුරකථනය වන OnePlus Z Snapdragon 765 chipset එකකින් සමන්විත වන ලකුණු
OnePlus 8 ජංගම දුරකථනය පසුගියදා නිකුත් කිරීමට OnePlus සමාගම කටයුතු කළ අතර මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය මොවුන්ගේ mid-range ජංගම දුරකථනයක් වන OnePlus Z ජංගමදුරකථනය දෙසට යොමු වී තිබෙනවා. මේ OnePlus Z ජංගම දුරකථනය පිළිබඳව මෙතෙක් වාර්ථා වු කරුණු අනුව පෙනි ගියේ එයMediaTek Dimensity 1000L chipset එකකින්…

පසුගිය මාසයේදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී OnePlus සමාගමෙහි CEO වන Pete Lau විසින් තම සමාගම mid-range device එකක් වෙත අවධානය යොමුකර ඇති බව අනාවරණය කල අතර දැන් මෙම mid-range device එක නිකුත් කිරීමේ දිනයක් පිළිබඳව ද තොරතුරු වාර්ථා වෙනවා.

තවමත් OnePlus සමාගම විසින් මේ පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් සිදු කර නොමැති නමුත් Android Central වෙබ් අඩවිය අනාවරණය කරන පරිදි මෙම mid-range device එක ජූලි 10 වන දින ඉන්දියාවේදී එළිදැක්වීමට නියමිත වෙනවා.

මෙහිදී එළිදැක්වීමට නියමිත මෙම mid-range device එක OnePlus Z හෝ OnePlus 8 Lite ලෙස හදුන්වනු ඇති බව අනුමාන කෙරෙන අතර ඉන්දියාව යනු OnePlus සමාගමේ විශාලතම වෙළඳපොල වන බැවින් මේ ජංගම දුරකථනය ඉන්දියාව තුළ එළිදැක්වීම බොහෝ දුරට සාර්ථක වනු ඇති බව විශ්වාස කෙරෙනවා.

Source: @OnLeaks

පසුගිය සති කිහිපය තුළ අන්තර්ජාලයට එකතු වූ තොරතුරු වලට අනුව මේ ජංගම දුරකථනය අඟල් 6.55 ක, 90Hz refresh rate එකක් සහිත Super AMOLED display එකකින් සමන්විත වන අතර මෙහි in-display fingerprint scanner එකක්ද සමන්විත වනු ඇත.

මුලින් සඳහන් කළ ආකාරයට මෙය Qualcomm Snapdragon 765 SoC එකකින් බලගැන්වෙන අතර 5G තාක්ෂණය සඳහා ද සහය දක්වනු ලබනවා.

මෙහි මූලික සංස්කරණය සඳහා 6GB RAM එකක් සහ 128GB internal storage එකක් අන්තර්ගත කෙරෙනු ඇති අතර මෙය 4300 mAh බැටරියක් සහ 30W fast charging සඳහා සහය දක්වයි.

මීට අමතරව මේ සඳහා Warp Charging පහසුකම ද අන්තර්ගත වනු ඇති බවට අනුමාන කල හැකිය.

Camera module එක දෙස අවධානය යොමු කලහොත් 64MP + 16MP + 2MP ලෙස ත්‍රිත්ව කැමරා සැකසුමකින් මෙය සමන්විත වනු ඇති අතර 16MP කැමරාව ultra-wide-angle කැමරාවක් ද, 2MP කැමරාව depth sensor එකක් හෝ macro shooter එකක් ද විය හැකි බව අනුමාන කෙරෙනවා.

මෙය අනුමාන කළ specification එකක් පමණක් වන බව කරුණාවෙන් සළකන්න.

එමෙන්ම ඉදිරිපස කැමරාව display එකෙහි hole punch ආකාරයට ඇති 16MP කැමරාවක් වනු ඇති බව විශ්වාස කෙරුණත්, මේවා තවමත් නිළ වශයෙන් නිවේදනය කිරීමට OnePlus ආයතනය කටයුතු කර නැහැ.

XDA-Developers වෙබ් අඩවිය අනාවරණය කරන පරිදි ඉන්දියාවේ පවතින නීති රීති අනුව ඉන්දියාව තුළ OnePlus Z දුරකථනය දළ වශයෙන් ඉන්දියානු රුපියල් 24,990 ($330)ක් වැනි මුදලකට ලබාගැනීමට හැකියාව පවතින නමුත් එය වෙනත් රටවල් වලදී මීට වඩා ඉහළ මිලකට අලෙවි කරනු ඇති බව අනුමාන කෙරෙනවා.

මේ පිළීබද වැඩි විස්තර දැන ගැනිම සඳහා Android Central වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.