Dalian Zhiyun Automation Company යනු චීනයේ විශාලතම OLED තිර නිෂ්පාදකයා වන අතර මේ වන විට ඔවුන් සතුව LCD, Mini LED තිර නිෂ්පාදන තාක්ෂණය ද පවතිනවා.

මෙම නිෂ්පාදන සමාගම සම්බන්ධයෙන් වාර්තා වන නවතම ප්‍රවෘත්ති වන්නේ සුප්‍රකට චීන ජංගම දුරකථන නිෂ්පාදකයකු වන Xiaomi සමාගම මේ සමාගමෙහි කොටස් මිලදීගැනීම සඳහා ආයෝජනය කිරීමේ පුවතයි.

Xiaomi සමාගම විසින් මෙම ආයතනය සඳහා ඇමෙරිකානු ඩොළර් මිලියන 20ක ආයෝජනයක් සිදුකර ඇති අතර ඒ අනුව Xiaomi සමාගම, Zhiyun සමාගමේ සමස්ත කොටස් වලින් 5.63% ක්, එනම් කොටස් මිලියන 15.5 කට හිමිකම් කියනවා.

Zhiyun සමාගමේ විධායක හිමිකරු වන Tan Yongliang සමඟ මෙම ගිවිසුම අත්සන් කර ඇති අතර Zhiyun යනු BOE, Huaxing, Tianma, හා Visionox වැනි අනෙකුත් චීන තිර නිෂ්පාදකයින් හට ද තාක්ෂණය සපයන චීනයේ පිහිටි විශාලතම සමාගමයි.

OLED තිර නිශ්පාදනය පිළිබඳව ඒකාධිකාරයක් හිමි කොරියාවේ SAMSUNG සමාගම සමඟින් තරඟ කිරීම මෙහි ප්‍රධානතම අරමුණ වන අතර Zhiyun සමාගම දැනටමත් චීනය තුළ පවතින කොරියානු හා ජපන් තිර නිෂ්පාදකයින්ගේ වෙළඳ වෙළෙඳ ඒකාධිකාරය බිඳ දැමීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම Foldable OLED තිර, Electric උපාංග වල Display Bonding, Bending ආදී සියලුම තාක්ෂණයන් හිමි එකම චීන සමාගම වන්නේ ද මේ Zhiyun සමාගමයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.