OnePlus 8 ජංගම දුරකථනය පසුගියදා නිකුත් කිරීමට OnePlus සමාගම කටයුතු කළ අතර මේ වන විට බොහෝ දෙනාගේ අවධානය මොවුන්ගේ mid-range ජංගම දුරකථනයක් වන OnePlus Z ජංගම දුරකථනය දෙසට යොමු වී තිබෙනවා.

මේ OnePlus Z ජංගම දුරකථනය පිළිබඳව මෙතෙක් වාර්ථා වු කරුණු අනුව පෙනි ගියේ එය MediaTek Dimensity 1000L chipset එකකින් බළගැන්වෙන බව වුවත් නවතම වාර්ථා අනුව එම අනුමානය වැරදී ගොස් ඇති ආකාරයක් දැකගත හැකි වෙනවා.

මේ ආකාරයේ තාක්ෂණික තොරතුරු නිතරම අන්තර්ජාලයට එකතු කරන්නෙකු වන Max J විසින් පළ කරන ලද tweet එකක් අනුව Snapdragon 765 series 5G processor එකක් මේ OnePlus Z ජංගම දුරකථනයේ අන්තර්ගත වන බව අනුමාන කළ හැකි වෙනවා.

මේ වසරේ මුලදි Ming-Chi Kuo වාර්ථා කරේ Qualcomm සමාගම සිය Snapdragon 765 series එකෙහි මිල අඩු කර ඇති බව වන අතර OnePlus සමාගම මේ දක්වා නිකුත් කර ඇති ඔවුන්ගේ සෑම ජංගම දුරකථනයකටම යොදාගනු ලැබුවේද Qualcomm chipset වීම ද මේ අනුමානය සඳහා ඇති ප්‍රධානතම සාධක වෙනවා.

OnePlus 8 සහ OnePlus 8 Pro ජංගම දුරකථන සමඟින්  එක්ව එළිදැක්වීමට නියමිතව තිබුණු මේ OnePlus Z ජංගම දුරකථනය එළිදැක්වීමට තවත් කල් ගත වූයේ මේ chipset වල වෙනස් කිරීම වන්නට හැකි බව ද Android Authority වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

කොහොම නමුත් මේ පිළිබඳව OnePlus සමාගම විසින් තවමත් කිසිඳු නිළ ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර ඉදිරියේදී මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට හැකි වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා  Android Authority වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.