ප්‍රතිචක්‍රීකරණය කරන ලද මිනිස් හිසකෙස් අතීතයේ සිටම විවිධ අරමුණු සඳහා භාවිතා කළ ද ඒවා මේ වන තෙක් OLED තිර නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි බවට සොයාගෙන තිබුණේ නැත.

කොහොම නමුත් මේ වන විට ඕස්ට්‍රේලියාවේ Brisbane වල ඇති Queensland තාක්ෂණික විශ්ව විද්‍යාලයේ (Queensland University of Technology - QUT) පර්යේෂකයින් පිරිසක් දේශීය බාබර් සාප්පුවක් විසින් පරිත්‍යාග කරන ලද හිසකෙස් භාවිතා කරමින් එම කෙස් කෙඳි, Carbon Nanodot බවට පත් කිරීම අත්හදා බැලූ අතර එමගින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට ලබා ගැනීමට මොවුන් සමත් වී තිබෙනවා.

QUT සරසවිය සිය බ්ලොග් අඩවියේ විස්තර කර ඇති පරිදි , මහාචාර්යවරුන් වන ප්‍රශාන්ත් සෝනාර්, කෙන් ඔස්ට්‍රිකොව් සහ ඔවුන්ගේ පර්යේෂණ කණ්ඩායම, Grifith විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්වින් ලී සමඟ එක්ව “කුඩා කෙස් කෙඳි, Carbon Nanodots බවට පත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ අතර ඒවා " තාක්ෂණික ක්‍රියාවලියකට ලක්කර නම්‍යශීලී OLED තිරයක් සාර්ථකව නිපදවන්නට සමත් උනා.

Human hair used to make flexible displays for smart devices
QUT researchers have teamed up with a Brisbane barbershop in ground-breaking research to turn human hair waste into flexible displays that could be used in future smart devices.
නිළ QUT Blog අඩවියේ පළ කළ නිවේදනය

පර්යේෂකයන් විසින් කරන ලද පරීක්ෂණ වලදී ඔවුන් නිපදවූ Carbon Dots වාණිජ රූපවාහිනී සඳහා භාවිතා කළහැකි ආකාරයේ දීප්තිමත් OLED තිර නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කළ නොහැකි වන නමුත් ඒවා කුඩා, අතේ ගෙන යා හැකි මෙන්ම ලාභ උපාංග සඳහා භාවිතා කලහැකි ලෙස තිර නිපදවීමට උපකාරී වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මිනිස් හිසකෙස් Carbon Nanodots බවට පරිවර්තනය කිරීමේ පර්යේෂණ වලින් නොනැවතී බල්ලන් සහ බැටළුවන්ගේ වැනි සත්වයින්ගේ ඇති ලොම් භාවිතා කරමින්ද Carbon Nanodots ප්‍රතිනිර්මාණය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද QUT තාක්ෂණ සරසවිය පර්යේෂණ පවත්වමින් සිටිනවා.

විශේෂයෙන් නම්‍යශීලී OLED තිර පමණක් නොව, මෙම Carbon Nanodots භාවිතා කරමින් ජලපවිත්‍රාගාර වලට ආරක්ෂණ සංවේදක නිර්මාණය කිරීමටද හැකි බව සොයාගෙන ඇති අතර මේ නිසා අනාගත ලෝකයේ බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංග නව මාවතකට යොමු කිරීමට මෙම පර්යේෂණ හෙතුවක් වනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Hexus වෙබ් අඩවිය, Newatlas වෙබ් අඩවිය සහ Gizmodo වෙබ් අඩවිය භාවිතා කළ හැක.