OnePlus සමාගම විසින් ඔවුන්ගේම TV එකක් එළිදැක්වීමට සූදානම් වන බවත්, ඊට අදාල logo සහ තවත් තොරතුරු පිළිබඳවත් පසුගිය දින වල අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

OnePlus සමාගමේ අලුත් TV එකේ නම සහ අලුත් logo එක අනාවරණය කිරීමට කටයුතු කරයි
OnePlus සමාගම විසින් ඔවුන්ගේම TV එකක් නිකුත් කිරීමට සූදානම් වන බව[https://technews.lk/oneplus-wants-to-release-its-own-tv-in-2019/] පසුගිය වසරේසැප්තැම්බර් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති. එමෙන්ම මෙම කටයුත්ත සඳහා තමන්ගේ fan base එකේ, එහෙමත් නැතිනම් පාරිභෝගිකයන් පිරිසගේඅදහස් ලබා ගනිමින් ඊට අනු…

ඔන්න දැන්, OnePlus TV එක පිළිබඳව නැවතත් අලුත් තොරතුරු කිහිපයක් දැනගන්නට ලැබෙනවා. වෙලදපොලේ දැනට පවතින රූපවාහිනී යන්ත්‍ර මගින් නිකුත් කරන ශබ්ද එතරම්ම හොඳ තත්වයේ නැති බව ඔබ දන්නවා ඇති.

කොහොම නමුත් Amazon වෙබ් අඩවියේ listing එකකට අනුව මේ අලුතින් නිකුත්වීමට නියමිත OnePlus TV එකට speakers 8කින් යුතු sound system එකක් අන්තර්ගත වන අතර මේ සඳහා Dolby Atmos සහාය දක්වන බව ද දැකගත හැකි වෙනවා.

මේ හරහා 50W output එකක් ලබාදීමට හැකියාව ඇති අතර මේ අනුව smart TV එකක් මිලදීගන්නා විට අතිරේකව soundbar එකක් මිලට ගැනීමේ අවශ්‍යයතාවය සම්පූර්ණයෙන්ම ඉවත් වී යන බව බොහෝ දෙනා අදහස් දක්වනවා.

මේ ආකාරයේ sound system එකක් අන්තර්ගත වන, දැනට වෙළඳපොලෙහි පවතින එකම TV එක LG සමාගමේ LG C8 TV එක වන අතර එහි මිළ ඇමෙරිකානු ඩොළර් 1,000 ඉක්මවා යනවා. කොහොම නමුත් OnePlus සමාගම premium hardware දැරිය හැකි මිලකට ලබාදීමට කටයුතු කරනු ලබන නිසාවෙන් මේ OnePlus TV එක ඊට වඩා මිලෙන් අඩුවනු ඇති බව විශ්වාස කෙරෙනවා.

LG C8 TV එක

ඉන්දියාවේ දී ප්‍රථම වරට මෙය එලිදක්වනු ඇති අතර උතුරු ඇමරිකාව, යුරෝපය සහ චීනය වැනි රටවල දේශීය හා කලාපීය සැපයුම්කරුවන් සමග හවුල්කාරීත්වයන් ඇති කරගත් වහාම රූපවාහිනී යන්ත්‍රය වෙලදපොලට එක් කිරීමට කටයුතු කරන බව OnePlus සමාගමේ නිර්මාතෘ Pete Lau මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

‍මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.