OnePlus සමාගම විසින් ඔවුන්ගේම TV එකක් නිකුත් කිරීමට සූදානම් වන බව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

එමෙන්ම මෙම කටයුත්ත සඳහා තමන්ගේ fan base එකේ, එහෙමත් නැතිනම් පාරිභෝගිකයන් පිරිසගේ අදහස් ලබා ගනිමින් ඊට අනුකූල ලෙස මේ device එක නිර්මාණය කිරීමට ඔවුන් සූදානම් වූ බවත් ඔවුන් ප්‍රකාශ කර සිටි බව මතක ඇති.

මේ අනුව OnePlus සමාගම විසින් ඔවුන්ගේ fan base එකේ අදහස් විමසීමෙන් පසුව මේ අලුත් TV එක සරළ ව "OnePlus TV" යනුවෙන්ම නම් කිරීමටත්, ඒ වෙනුවෙන් අලුත් logo එකක් හඳුන්වාදීමටත් කටයුතු කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයෙන් පසුව මේ ගැන වැඩිදුර තොරතුරක් වාර්ථා නොවුණු අතර, මෙය එළිදැක්වීමට නියමිත දිනයක් පිළිබඳව ද OnePlus සමාගම විසින් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නැහැ.

කොහොම නමුත් මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට බොහෝ විට මේ OnePlus TV එක එළිදැක්වීමට ඔවුන් කටයුතු කරනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ OnePlus Forum එක, The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.