YouTube මත වන දරුවන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව වූ නඩුවකට ලැබුණු තීන්දුව අනුව, ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක දඩ මුදලක් ගෙවීමට සහ, අදාල ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට Google සමාගම පසුගිය දා එකඟ වී තිබෙනවා.

වයස අවුරුදු 13ට අඩු ළමා නරඹන්නන් විවිධ අයුරින් track කර, එම දත්ත වෙළඳදැන්වීම් ඉලක්ක කිරීම සඳහා භාවිතා කිරීම Children’s Online Privacy Protection Act (COPPA) එකට අනුව වරදක් වන බවත්, මෙම නඩු තීන්දුව ඒ ඔස්සේ ලබා දීමටත් New York නගරයේ නීතිපති කටයුතු කර තිබෙනවා.

මේ අනුව තවත් මාස 4කින් පසුව කුඩා දරුවන් වෙනුවෙන් publish කර ඇති video නරඹන සියළුදෙනාගේ දත්ත එකතු කිරීම සීමා කිරීමට කටයුතු කරනු ඇති අතර, එම video නැරඹීම වැඩිහිටියෙකු විසින් සිදු කලද, වයස පිළිබඳව සළකා බැලීමක් සිදු නොකරන බව ද YouTube Blog එක හරහා ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

An update on kids and data protection on YouTube
Responsibility is our number one priority at YouTube, and nothing is more important than protecting kids and their privacy. We’ve been sig...

මීට අමතරව මෙම content දර්ශනය කරන අතරතුර targeted ads, එහෙමත් නැතිනම් ඉලක්කගත කරන ලද වෙළඳ දැන්වීම පළ කිරීම නැවැත්වීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.

කොහොම නමුත් විවේචකයන් විසින් මේ තීන්දුව හෙළා දකිමින්, අදාල දඩ මුදල සුළු දෙයක් ලෙසත්, දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් ද ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබුණා.

ළමා රහස්‍යතා නඩුවකදී කොමිසම විසින් මෙතෙක් පනවා ඇති විශාලතම දඩ මුදල මෙය වන අතර, මේ වසරේ සමාජ වීඩියෝ බෙදාගැනීමේ app එකක් වන TikTok හි හිමිකරුට එරෙහිව මීට පෙර වාර්තා කළ දඩය ඩොලර් මිලියන 5.7 කි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ FTC වෙබ් අඩවිය, නිළ YouTube Blog එක, The Verge වෙබ් අඩවිය හා New York Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.