OnePlus 8 Pro ජංගම දුරකථන වල default camera app එකෙහි filter එකක් මඟින් සිහින් ප්ලාස්ටික් සහ රෙදි හරහා දැකගැනීමට හැකියාව ලැබුණු බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති.

‍OnePlus 8 Pro ජංගම දුරකථන වල ප්ලාස්ටික් සහ රෙදි හරහා දැකිය හැකි X-ray vision filter එකක් ඇති බව වාර්ථා වෙයි
OnePlus සමාගම මෑතකදී සිය නව ප්‍රධාන smartphone එක වන OnePlus 8 Pro එළිදැක්වීමටකටයුතු කරනු ලැබුවා. මේ වන විට මෙම ජංගම දුරකථනයේ ඇති අපූරු ආකාරයේ හැකියාවක් ගැන වාර්ථා වන අතර ‍මෙයමීට පෙර කිසිඳු ජංගම දුරකථනක default camera app එකක දැකගත නොහැකි වූ ආකාරයේහැකියාවක් වෙනවා. මේ විශේෂත්වය නම්, OnePlus 8 Pr…

මෙය මහජනයාගේ අවධානයට ලක්වීමත් සමඟ OnePlus සමාගම විසින් chinese සහ global යන variants දෙකෙහිම devices වලින් updates හරහා Photochrom mode එක අක්‍රීය කිරීමට කටයුතු කරනු ලැබූ අතර, අවසානයේ දී OxygenOS 10.5.10 update එක සමඟ color filter එකෙහි ගැටළු නිරාකරණය කිරීමට ද කටයුතු කරනු ලැබුවා.

කොහොම නමුත් කිසියම් හේතුවක් නිසා මෙය ඔබට භාවිතා කිරීමට අවශ්‍ය නම් තවමත් එය ADB command එකක් හරහා ප්‍රවේශ විය හැකි බව XDA Member කෙනෙකු විසින් XDA-Developers forum එක හරහා පෙන්වා දී තිබෙනවා.

[GUIDE] Access color-filter through command shell
I’m running on the 10.5.10.IN11BA build. Just get a command shell to your OnePlus 8 Pro through adb, no need for the device to be rooted or anything. Once…

ඔබ OnePus 8 Pro භාවිතා කරන්නෙකු නම් සහ disable කරන ලද camera mode එක භාවිතා කිරීමට අවශ්‍ය නම් පහත දැක්වෙන ADB commands ක්‍රියාත්මක කිරීමෙන් ඔබට එයට තවමත් ප්‍රවේශ විය හැකි බව ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.

adb shell
am start -n com.oneplus.factorymode/.camera.manualtest.CameraManualTest

මෙම commands මඟින් Factory Mode app එක launch කරනු ලබන අතර ඉන් පසුව පහළ දකුණු කෙළවරේ ඇති camera switcher icon එක මගින් ඔබට දුරකථනයේ ඇති සියලුම camera අතර මාරු වීමට හැකියාව ලැබෙනවා.

Color filter camera එක මෙහි number 4 ලෙස නම් කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙන අතර මෙම ක්‍රමය අනුගමනය කිරීම සඳහා ඔබගේ ජංගම දුරකථනය root කර තිබීම අවශ්‍යය නොවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මෙය Factory Mode app එකෙහි කොටසක් බැවින් color filter camera එකට ප්‍රවේශ වීමේ මෙම ක්‍රමය OnePlus සමාගම විසින් අක්‍රීය කරනු ඇතැයි සිතීමට තරමක් අපහසු වන බව XDA-Developers වෙබ් අඩවිය අනුමාන කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.