Gboard යනු Android සහ iOS යන දෙකටම වෙනසක් නැතිව සහය දක්වන තවත් එක් ජනප්‍රිය Keyboard එකක් වන අතර Google සමාගම විසින් මීට සෑම විටම නව පහසුකම් එක් කිරීමට වග බලා ගන්නවා.

Gboard සඳහා අලුතෙන්ම එකතු කරන ලද Automatic dark mode එක පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ස්ව්‍යංක්‍රීයව dark theme එකට මාරු වීමේ පහසුකම Gboard වලට එකතු කිරීමට Google සමාගම කටයුතු කරයි
Google සමාගම විසින් Android 10 release කිරීමත් සමඟ[/android-10-officially-released-for-google-pixel-essential-and-xiaomi-phones/] පසුගිය වසරේ system level dark theme පහසුකම් හඳුන්වා දුන් අතර බොහෝ ප්‍රධාන appsවලට මේ පහසුකම අන්තර්ගත කිරීමට කටයුතු කරනු ලැබුවත්, සියලුම app නිර්මාණය කරන්නන්එයට අනුගත …

Google සමාගම තවත් නව option එකක් Gboard වෙත එකතු කිරීමට කටයුතු කර තිබෙන අතර එනම් පරිශීලකයින් විසින් වැඩිපුරම භාවිතා කරන Emoji, එක row එකක් ඔස්සේ Gboard වල Key වලට ඉහළින් පිහිටි row එකකින් පෙන්වීමට කටයුතු කිරීමයි.

ජූලි 17 යනු World Emoji Day එක වන අතර ඊට සමගාමීව මෙම නව option එක හඳුන්වාදීමට ගූගල් සමාගම කටයුතු කර ඇති බව Engadget වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබෙන අතර Gboard Android app එකේ නව update එකේ Beta version එකට මෙම පහසුකම එකතු කර තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙනවා.

දැනට පවතින ක්‍රමය අනුව Gboard පරිශීලකයින් හට emoji එකක් add කිරීමට අවශ්‍යය වන්නේ නම්, emoji key එක tap කර ඒ සඳහා වෙනම ප්‍රවේශයක් ලබාගැනීමට සිදු වන නමුත් මේ අලුත් emoji row එක සමඟින් තමන් නිතරම භාවිතා කරනු ලබන emoji ටික ඉතාමත් පහසුවෙන් නැවත ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම අවශ්‍ය නම් Gboard Settings ඔස්සේ මෙම නව Emoji row එක disable කිරිමේ හැකියාවද පරිශීලකයින් හට ලබා දී තිබෙනවා.

කලින් සඳහන් කළ පරිදි දැනට මෙය Gboard Android App එකේ නවතම beta සංස්කරණයේ ඇතුළත් කර ඇති අතර එය නුදුරු දිනකදීම සියලුම Android හා iOS පරිශීලකයන් හට ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති.

කොහොම නමුත් අවශ්‍ය නම් Beta Program එක සමඟින් සම්බන්ධ වී හෝ APKmirror වෙබ් අඩවිය ඔස්සේ නවතම APK version එක download කර ගැනීම මගින් මෙම නව පහසුකම දැන්ම අත්විඳීමට ඕනෑම කෙනෙකු හට හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Engadget වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.