Samsung සමාගම විසින් ඔවුන්ගේ Unpacked 2020 event එක පසුගිය අගෝස්තු 5 වැනි දින පැවැත්වීමට කටයුතු කළ අතර එහිදී ඔවුන්ගේ Galaxy Note 20, Galaxy Tab S7, Galaxy Watch 3 සහ GalaxY Buds Live යන devices එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම ඔවුන්ගේ foldable devices වල අලුත්ම මාදිලිය වන Galaxy Z Fold 2 ජංගම දුරකථනය ද මේ නවතම එළිදැක්වීම් අතරට එකතු වී තිබුණා.

Galaxy Note 20 සහ Galaxy Note 20 Ultra

Samsung සමාගමේ flagship device series එකක් වන Galaxy Note series එකේ අලුත්ම මාදිලිය වන Galaxy Note 20 සහ Galaxy Note 20 Ultra යන ජංගම දුරකථන පිළිවෙලින් ඇමෙරිකානු ඩොළර් 1,000 සහ 1,300 යන ආරම්භක මිළ ගණන් යටතේ එළිදැක්වීමට කටයුතු කෙරුණු අතර මෙය මීළඟ අගෝස්තු 21 වැනි දින සිට වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කෙරෙනවා.

මෙම මාදිලි ද්විත්වයම Qualcomm Snapdragon 865 Plus chipset හරහා බළගැන්වෙන අතර 5G පහසුකම, Wireless Charging සහ IP68 waterproofing rating එක සහිත වෙනවා.

Galaxy Note 20 ජංගම දුරකථ‍නයේ primary camera එක ලෙස 64MP Telephoto lens එකක් අන්තර්ගත වන අතර Note 20 Ultra මාදිලියේ මේ වෙනුවට 5x optical zooming පහසුකම සමඟින් 12MP Telephoto lens එකකුත්, 108MP wide-angle lens එකකුත් අන්තර්ගත වෙනවා.

එමෙන්ම මිලෙන් වැඩි Galaxy Note 20 Ultra මාදිලියෙහි display එක 120Hz refresh rate එකක් ඇති OLED screen එකකින් ද සමන්විත වෙනවා.

Galaxy Z Fold 2

පසුගිය වසරේ පෙබරවාරි මස පැවැත්වුණු Galaxy Unpacked 2020 event එක අතරතුරදී Samsung සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම foldable device එක වුණු Galaxy Fold එක එළිදැක්වීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Galaxy Fold එකේ සිට Galaxy Buds දක්වා Samsung Unpacked 2019 Event එකේ වැදගත් එළිදැක්වීම් ගැන
ඊයේ දිනයේ පැවති Samsung Unpacked 2019 event එක අතරතුරදී Samsung සමාගම 2019 වර්ෂයසඳහා ඔවුන්ගේ ජංගම දුරකථන හා අනෙකුත් devices මාලාවක් හඳුන්වා දෙන්නට කටයුතු කළා. කවුරුත් බළාගෙන සිටි ඔවුන්ගේ ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වන Galaxy Fold එක[https://www.samsung.com/global/galaxy/galaxy-fold/] මෙන්ම Sams…

ඔන්න දැන්, මෙහි මීළඟ සංස්කරණය, එනම් Galaxy Z Fold 2 phablet එක එළිදැක්වීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අලුත් Galaxy Z Fold 2 ජංගම දුරකථනය නවා තිබෙන විට පිටතින් පිහිට display එක අඟල් 6.2ක විශාල screen එකකින් replace කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර, එය දිගහැරිය විට ඇතුලත display එක අඟල් 7.6ක පමණ ප්‍රමාණයක් වෙනවා.

එමෙන්ම පසුගිය foldable devices හරහා ලබාගත් අත්දැකීම් හරහා මෙහි අන්තර්ගත වන නම්‍යශීලී සැකැස්ම අලුතින්ම නිර්මාණය කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර, මෙහි පළමු සංස්කරණයට වඩා ඉතාමත් වැඩි කාළයක් පවතින ලෙස මෙය නිෂ්පාදනය කිරීමට Samsung සමාගම සමත් වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

කොහොම නමුත් මෙහි මිළ ගණන් හෝ වෙළඳපොලට නිකුත් කරනු ලබන දිනයක් පිළිබඳව තවමත් නිළ වශයෙන් ප්‍රකාශයක් කිරීමට Samsung සමාගම කටයුතු කරනු ලැබුවේ නැහැ.

Galaxy Buds Live

පසුගිය දින වල අන්තර්ජාලය පුරාවට Samsung සමාගම විසින් නිකුත් කිරීමට නියමිත Galaxy Buds වල අලුත් පෙනුම සහ තොරතුරු පිළිබඳව විශාල කතාබහක් ඇති වී තිබුණු අයුරු දැකගත හැකි වූ අතර, මේ වන විට එය නිළ වශයෙන් නිකුත් කිරීමට Samsung සමාගම කටයුතු කරනු ලැබුවා.

බෝංචි ඇටයක හැඩය ඇති මේ අලුත් Galaxy Buds Live මාදිලියට active noise cancellation පහසුකම අන්තර්ගත කර ඇති අතර ඇමෙරිකානු ‍ඩොළර් 169.99ක මුදලකට වෙළඳපොලට නිකුත් කිරීමට Samsung සමාගම තීරණය කර තිබෙනවා.

කොහොම නමුත් මේ අලුත් මාදිලියේ ඇති සාම්ප්‍රදායික නොවන නව පෙනුම හරහා එය in-ear earbuds භාවිතා කරන්නන් එතරම් කැමති නොවන ආකාරයකින් නිර්මාණය වී ඇති අතර මෙය IPX2 water resistant සහතිකය සමඟින් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම වරක් charge කළ පසු පැය 6ක කාළසීමාවක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙයට ඇති බවත්, මෙහි charging case එක හරහා පැය 21ක් දක්වා භාවිතා කිරීමේ හැකියාව ද ලබාගත හැකි බව Samsung සමාගම පෙන්වා දෙනවා.

Galaxy Watch 3

Samsung සමාගම විසින් 2018 වර්ෂයේදී Galaxy Watch එක මුලින්ම එළිදැක්වීමට කටයුතු කළ අතර ඉන් පසුව පිළිවෙලින් Galaxy Watch Active සහ Galaxy Watch Active 2 යන මාදිලි‍ වෙළඳපොලට හඳුන්වාදෙනු ලැබුවා.

ඔන්න දැන් Galaxy Watch 2 යන මාදිලිය වෙනුවට, මේ Galaxy Watch series එකේ අලුත්ම මාදිලිය ලෙස Galaxy Watch 3 මාදිලිය එළිදැක්වීමට Samsung සමාගම කටයුතු කර තිබෙන අතර මෙය ඇමෙරිකානු ඩොලර් 399.99ක මුදලකට අගෝස්තු 6 වැනි දින සිට වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ අලුත් watch එක 41mm සහ 45mm යන ප්‍රමාණ වලින් මෙන්ම Bluetooth සහ LTE යන සංස්කරණ වලින් ද ලබාගත හැකි වන අතර Google Wear OS එකට වඩා හොඳ යැයි සැළකෙන Samsung Tizen OS එක හරහා මෙය බළගැන්වෙන බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Galaxy Tab S7

Samsung සමාගමේ Tab series එකෙහි අලුත්ම මාදිලිය වන Galaxy Tab S7 සහ S7 Plus මාදිලි මේ Unpacked event එක අතරතුර එළිදැක්වීමට කටයුතු කෙරුණු අතර Galaxy Note 20 series එක මෙන්ම මේවා ද 5G තාක්ෂණයෙන් සහ 120Hz refresh rate එකක් සහිත display එකකින් සමන්විත වෙනවා.

මෙය පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 649.99ක් සහ 849.99 ලෙස මිළ සටහන් වන අතර Tab S7 මාදිලිය අඟල් 11ක LCD display එකකිනුත්, Tab S7 Plus මාදිලිය අඟල් 12.4ක OLED display එකකිනුත් සමන්විත වෙනවා.

මේ මාදිලි ද්විත්වයම Qualcomm Snapdragon 865 Plus chipset එකකින් බළගැන්වෙන නමුත් Tab S7 Plus මාදිලියේ in-screen fingerprint scanner එකක් අන්තර්ගත වන අතර අනෙක් මාදිලියෙහි fingerprint scanner එක power button එකට අන්තර්ගත කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.