මේ වන විටත් නවතම Samsung Galaxy Note 20 ජංගම දුරකථනය ගැන බොහෝ කටකතා පැතිර යමින් පවතින අතර මෙම කටකතා අනුව Samsung Galaxy Note family එකේ + models සඳහා ආදේශ කිරීමක් ලෙස "Ultra" යන නාමය යටතේ නවතම මාදිලියක් එකතු වන බව ද වාර්ථා වෙනවා.

COVID-19 වසංගත තත්ත්වය නිසාවෙන් අනෙකුත් බොහෝ තාක්ෂණික සමාගම් විසින් මෙම වසරේ event පැවැත්වීමට කටයුතු කළ ආකාරයට online event එකක් ලෙස මේ Galaxy Unpacked event එකත් සැළසුම් කරනු ඇති බවත්, මෙය මීළඟ අගෝස්තු මස 5 වැනි දින පැවැත්වීමට කටයුතු කරනු ඇති බවත් XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මෙම දිනය පිළිබඳව Samsung සමාගම විසින් කිසිඳු නිළ නිවේදනයක් නිකුත් කර නොමැති වුවත් බොහෝ ‍විට පසුගිය වර්ෂ වලදී Samsung සමාගමේ Galaxy Note series එක එළිදැක්වීමට කටයුතු කෙරෙනු ලැබුයේ අගෝස්තු මාසයේදී වීම නිසාවෙන් මෙම තොරතුර නිවැරදි බව අනුමාන කළ හැකි වෙනවා.

මේ Virtual Galaxy Unpacked event එක අතරතුරදී Samsung Galaxy Note 20 series එකට අමතරව Galaxy Fold 2, Galaxy Z Flip 5G, Galaxy Tab S7/S7+, සහ the Galaxy Watch 2 වැනි තවත් උපාංග කිහිපයක්ම නිකුත් වීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ වන විට පැතිර යන කටකතා අනුව නවතම Galaxy Note 20 දුරකථනයේ ultra model එක අඟල් 6.9ක් විශාල WQHD+ AMOLED display එකක් අන්තර්ගත වනු ඇති අතර (බොහෝවිට) මෙහි refresh rate එක 120Hz විය හැකි බව අනුමාන කරනවා.

එමෙන්ම (S20 Ultra දුරකථනය මෙන් ම) මෙහි 108MP Samsung ISOCELL Bright HM1 camera sensor එකක්, 12MP wide-angle sensor එකක්, 13MP telephoto camera එකක් සමග 50x digital zoom පහසුකම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

කොහොම නමුත් Galaxy Fold 2 ජංගම දුරකථනය පිලිබඳව වැඩි විස්තරයක් තවමත් වාර්ථා නොවන නමුත් ලැබෙන තොරතුරු අනුව එහි අඟල් 7.59 සහ flexible Dynamic AMOLED panel එකක් සහිත තිරයක් තිබෙනු ඇතැයි වාර්තා වෙනවා.

මීට අමතරව බොහෝ විට 120Hz refresh rate එකක් සහ 2213 x 1689 resolution එකක්ද තිබිය හැකි බව සදහන් වන අතර මෙහි වැදගත්ම කාරණය ලෙස දක්වා ඇත්තේ Galaxy Fold 2 සදහා S Pen සහය ද එකතු කර තිබෙනු ඇති බව අපේක්ෂා කිරීමයි. මෙමඟින් විශාල තිරයන් මත S Pen භාවිතාව ගැන බලාපොරොත්තු තබාගත හැකි වෙනවා.

තවද Galaxy Z Flip 5G දුරකථනය 5G තාක්ෂණය සමඟින් නිකුත් විය හැකි අතර අඟල් 12.4ක තිරයක් සහිතව Galaxy Tab S7 එක ද මෙහිදී නිකුත් කරනු ඇති.

එමෙන්ම Galaxy Watch 2 එකට නැවතත් කරකැවිය හැකි ඔරලෝසු මුහුණතක් සමඟ බොහෝ කාලයක් පුරා බලා සිටි health features වන ECG සහ Blood pressure පහසුකම් ද සමඟින් නිකුත් වනු ඇති බවට ‍අපේක්ෂා කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Donga වෙබ් අඩවිය භාවිතා කළ හැක.